04

E   |     |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0104/2020: University statistics

104/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ දැනට පවතින විශ්වවිද්‍යාල විද්‍යායතන සංඛ්‍යාව;

             (ii)       එම ආයතන තුළ අධ්‍යයන කටයුතු කරන ශිෂ්‍ය සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ අධ්‍යයන කටයුතු කරන ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් දේශන ශාලා පහසුකම් නොමැති බවත්;

(ii) කථිකාචාර්යවරුන්ගේ හිඟයක් පවතින බවත්;

(iii) නේවාසිකාගාර පහසුකම් නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) මෙම ගැටලු විසඳීමට සැලසුම් සකස් කර තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;  

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අද පවතින විශ්වවිද්‍යාල විද්‍යායතන සංඛ්‍යාව 06කි.

              (ii)      ඔව්.

                        එම ආයතන තුළ අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය සංඛ්‍යාව මෙසේයි. 

 

 

 

විශ්වවිද්‍යාල විද්‍යායතනය

මුළු ශිෂ්‍ය සංඛ්‍යාව

 

අනුරාධපුරය

බටංගල

යාපනය

කුරුණෑගල

මාතර

රත්මලාන

 

ශිෂ්‍ය  සංඛ්‍යාව

616

471

512

603

607

607

3,416

(ආ) (i) පහසුකම් සැලසීමට කටයුතු කරමින් සිටී.

(ii) කථිකාචාර්ය තනතුරුවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් කටයුතු විධිමත් ලෙස ආරම්භ කර ඇත.

(iii) සෑම දිස්ත්‍රික්කයකටම එකක් වන සේ විද්‍යායතන ස්ථාපනය කිරීමට සැලැසුම් කර තිබුණි. එබැවින් එම ප්‍රදේශවල සිසුන් මෙම ආයතනවල අධ්‍යයන කටයුතු සඳහා පැමිණේය යන්න මත නේවාසිකාගාර පහසුකම් සැපයීම කෙරෙහි අවධානයක් යොමු නොවුණි. නමුත්, මේ වනවිට එම අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අපි උචිත වැඩ කටයුතු කිරීමට අදහස් කරනවා.

 

(ඇ) (i) ඔව්.

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ විද්‍යායතන 25ක් ඉදිකිරීමට යෝජනා කර ඇති බැවින්, සෑම විද්‍යායතනයකටම අධ්‍යයන කටයුතුවල වර්ධනයත් සමඟ සිදු කළ යුතු සංවර්ධන කටයුතුවලට අදාළව උපාය මාර්ගික සැලසුම් සකස් කරමින් පවතී. අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද මෙම සැලසුමෙහි අන්තර්ගත කොටසක් වේ.

(ii) උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත ඇස්තමේන්තුගත මුදල පිළිබඳ ළඟදීම තීරණය කිරීමට නියමිතය.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks