පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
103/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම් ක්‍රියාවලිය යල් පැන ගොස් ඇති බවත්;
(ii) මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවත්;
(iii) ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත්;
(iv) ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළ යුතු බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) දුම්රිය මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා නව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කරන මුදල කොපමණද;
(iii) නව ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, එම ක්‍රමවේද කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ පිළිබඳව අධ්‍යයනයක් සිදු කර, ඒ අනුව නවීකරණය විය යුතුයි.
(ii) ඉහත (i) පිළිතුර අදාළ වේ.
(iii) ඉහත (i) පිළිතුර අදාළ වේ.
(iv) ඉහත (i) පිළිතුර අදාළ වේ.
(ආ) (i) ඔව්.
(ii) ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2කි.
(iii) ඔව්.
(iv) ඔව්. පහත සඳහන් ක්‍රියා මාර්ග ඔස්සේ එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
1. දුම්රිය ස්ථාන කවුළු මඟින්.
2. ස්මාර්ට් කාඩ්පත් මඟින්.
3. බැහැර ස්ථානවල ස්ථාපිත යන්ත්‍ර මඟින්.
4. ජංගම දුරකථන මඟින් (QR කේත මඟින්)
5. අන්තර්ජාලය මඟින් (ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම / ආසන වෙන් කිරීම.)
6. තෙවන පාර්ශ්ව ප්‍රවේශ පත්‍ර අළෙවිකරුවන් මඟින්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks