01

E   |     |  

 දිනය: 2020-10-07   පිළිතුර ලබා දී ඇත 

0102/2020: මුතුරාජවෙල අභය භුමිය: නිවාස ව්‍යාපෘතිය

102/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මුතුරාජවෙල අභය භූමිය ශ්‍රී ලංකාවේ විශාලතම වගුරු බිම බවත්;

             (ii)      විවිධ සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම අභය භූමිය විනාශ වෙමින් පවතින බවත්;

           (iii)      මෙම අභය භුමියෙන් අක්කර 406ක් නිවාස ව්‍යාපෘතියක් සඳහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොපර්ස් නමැති සමාගමකට ලබා දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) උක්ත ව්‍යාපෘතිය සඳහා ඉඩම් පර්චසයක් ලබා දී ඇති මිල කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) මෙම ගනුදෙනුව නීතිවිරෝධී බව එතුමා පිළිගන්නෙහිද?

(ඈ) එසේ නම්, මෙම ව්‍යාපෘතියට එරෙහිව ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්. 

             (iii)       වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එවැනි ගනුදෙනුවක් සිදු වී නොමැත.

                        මෙම සමාගම විසින් අභයභූමිය තුළ හා  ඒ අවට පෞද්ගලික ඉඩම් මිලදී ගෙන සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෝජනාවක් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත. මේ දිනවල එය ඉතා ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටී.

(ආ) නොදනී.

(ඇ) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එවැනි ගනුදෙනුවක් සිදු වී නොමැත.

(ඈ) අදාළ නොවේ.

(ඉ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks