පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0889/’10 ගරු තිස්ස අත්තනායක මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i)සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ වර්ෂ 2000 සිට 2008 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අත්පත්කරගත් ඉඩම් ප්‍රමාණය, එම ඉඩම් හිමියන්ගේ නම්, ලිපින හා ග්‍රාම නිලධාරී වසම් කවරේද;
(ii) එම කාලය තුළ ආපසු පවරාගත් පල්ලේවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජී. එම්. පුංචිබණ්ඩා මහතා පදිංචිව සිටි ගොඩනැගිල්ලට, ළිඳකට හෝ ඉඩමට, මහා මාර්ග අමාත්‍යංශයේ ජාතික මහා මාර්ග ආංශික ව්‍යාප්තිය මගින් වන්දි ගෙවා තිබේද;
(ii) එසේ නම්, වන්දි ලෙස ගෙවූ මුදල කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) පුංචිබණ්ඩා මහතා විසින් කූට ලේඛන සකසා එම ඉඩමට විදුලිය ලබාගෙන ඇති බවත් එම ඉඩමට බලපත්‍රයක් ලබා ගැනීමට ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ අනුමැතියට අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවත් එතුමා පිළිගන්නෙහිද?
(ඈ) (i) ඉඩම් ආපසු පවරා ගැනීමේදී පුංචිබණ්ඩා මහතාට ගෙවා ඇති වන්දි මුදල් ආපසු ලබා ගැනීමටත්;
(ii) උක්ත ඉඩම වෙනුවෙන් වැරදි සහගත ලෙස බලපත්‍රයක් ලබාදීමට, එහි දේපළට වන්දි මුදල් ගෙවීමට, විදුලිය ලබාදීමට, උපදෙස් දුන් හා අනුමත කරන ලද නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කිරීමටත්; කටයුතු කරන්නේද යන්න එතුමා සදහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-02-25
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks