04

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0097/2020: ශ්‍රී ලංකාව, ඉන්දියාවේ අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කිරීමේ යෝජිත ව්‍යාපෘතිය: විස්තර

97/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— වි‍දේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකාව, ඉන්දියාවේ අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කිරීමේ සැලසුමක් රජය විසින් සකස් කර තිබේද; (ii) එසේ නම්, එය ක්‍රියාත්මක වන දිනය කවරේද; (iii) ඒ සඳහා ශ්‍රී ලංකා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද; (iv) එම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රතිලාභ කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) මෙම ව්‍යාපෘතිය නිසා සිදු විය හැකි අනිසි සංස්කෘතික හා සමාජීය පරිවර්තනයක් පිළිබඳ විද්වත් අධ්‍යයනයක් සිදු කර තිබේද; (ii) එසේ නම්, එම අධ්‍යයනයේ නිර්දේශ කවරේද; (iii) නොඑසේ නම්, එවැනි අධ්‍යයනයක් සිදු කරන්නේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

(ආ)         (i)      අදාළ නොවේ.

              (ii)      අදාළ නොවේ.

             (iii)     අදාළ නොවේ.

(ඇ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks