පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
95/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් පාලන නිලධාරි කාර්යාලයට අනුයුක්තව කොන්ත‍්‍රාත්/ආදේශක/අනියම් පදනම යටතේ විශාල පිරිසක් සේවය කරන බවත්;
(ii) මොවුන් දිවයින පුරා පිහිටි නාවික හමුදා උප කාර්යාලවල හා නාවික හමුදා රෝහල් ආදියෙහි සේවය කරන බවත්;
(iii) දෛනික පදනම මත මොවුන්ට වැටුප් ගෙවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මොවුන්ගේ සේවය ස්ථිර කිරීමට ක‍්‍රියාමාර්ග ගෙන තිබේද;
(ii) එසේ නම්, එම ක‍්‍රියාමාර්ග කවරේද;
(iii) මොවුන්ගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන්නේ කවර දිනයක සිටද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-25
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020.09.17 දිනට කොන්ත්‍රාත් හෝ ආදේශක පදනම මත කිසිදු සේවකයෙකු නොමැත. මුදල් රෙගුලාසි 95 (මු.රෙ. 95) මත තාවකාලික කම්කරු සේවක මහත්ම මහත්මීන් 47 දෙනෙකු සේවය කරනු ලබයි.
(ii) මු.රෙ. 95 තාවකාලික කම්කරු සේවක මහත්ම මහත්මීන් දිවයින පුරා පවතින නාවික හමුදා කඳවුරු තුළ සේවය කරනු ලබයි.
|
කඳවුර |
සේවක සංඛ්‍යාව |
|
නාවික හමුදා මූලස්ථානය |
17 |
|
ශ්‍රීලංනානෞ ත්‍රිකුණාමලය |
10 |
|
ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය |
07 |
|
ශ්‍රීලංනානෞ ගැමුණු |
06 |
|
ආ.සේ.වි. බටලන්ද |
02 |
|
ශ්‍රීලංනානෞ රංගල |
02 |
|
ශ්‍රීලංනානෞ නිපුණ |
01 |
|
ශ්‍රීලංනානෞ රුහුණ |
01 |
|
ශ්‍රීලංනානෞ ථේරපුත්ත |
01 |
(iii) සේවයට පැමිණීම මත දිනකට රු. 1068.00ක් ගෙවනු ලබයි.
(ආ) (i) ඔව්.
(ii) මු.රෙ. 95 මත සේවක මහත්ම මහත්මීන් බඳවා ගෙන ඇති ක්‍රියා පටිපාටිය අනුව ඔවුන්ගේ සේවා කාලය මාසිකව ඛණ්ඩනය වන හෙයින් අඛණ්ඩ සේවය පිළිබඳ ගැටලුසහගත තත්ත්වයක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු අමාත්‍යාංශ මට්ටමින් සිදු කරමින් පවති.
(iii) අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසු ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-09-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks