04

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0093/2020: ප‍්‍රජා පොලිස් ඒකක: විස්තර

93/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ‍්‍රී ලංකාව තුළ දැනට ක‍්‍රියාත්මක වන ප‍්‍රජා පොලිස් ඒකක සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ඒකක සඳහා අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(iii) ප‍්‍රජා පොලිස් ඒකක හරහා ලබා ගත හැකි සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ක‍්‍රියාමාර්ග ගෙන තිබේද;

(iv) එසේ නම්, එම ක‍්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම  සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ප‍්‍රජා පොලිස් ඒකකයන්ගේ පසුගිය වසරේ ප‍්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද;

(ii) 2018 හා 2019 වර්ෂයන්හි දී ප‍්‍රජා පොලිස් ඒකකයන් විසින් සිදු කළ සේවයන්හි වටිනාකම මූල්‍ය අගයක් ලෙස තක්සේරු කර තිබේද;

(iii) එසේ නම්, එම මුල්‍යමය අගය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ප‍්‍රජා පොලිස් ඒකකයන්ගේ කටයුතු විධිමත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළයුතු බව එතුමා පිළිගන්නේද;

(ii) එසේ නම්, නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       5031 (පන්දහස් තිස් එකයි)

              (ii)       5031 (පන්දහස් තිස් එකයි)

             (iii)      ඔව්.

             (iv)       සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි වසම තුළ ජීවත්වන ප්‍රජාව තුළින් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට උනන්දුවක් හා කැමැත්තක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා උපරිම සාමාජික සංඛ්‍යාව 30ක් වන සේ ග්‍රාමීය සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු පිහිටුවීමට කටයුතු කර ඇත.

එම ආරක්ෂක කමිටු මඟින් දැනුවත් කිරීමේ දේශන, නායකත්ව පුහුණු, ඩෙංගු මර්දන හා පරිසර පවිත්‍රතා වැඩසටහන්, කථික, චිත්‍ර, ක්‍රීඩා තරග, පොදු උත්සව, වෘත්තීය පුහුණු හා ආගමික සහජීවනය ඇති කරවන වැඩමුළු ඇතුළු ප්‍රජා සේවා තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

(ආ) (i) අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට නොහැකි වී ඇත.

(ii) 2018 වර්ෂයේ ක්‍රියාත්මක වූ දිළිඳු පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සහ ගමට පොලීසිය ජංගම පොලිස් ස්ථාන වැඩසටහන මූල්‍ය අගයක් ලෙස තක්සේරු කර ඇත.

(iii) රු. 671,153,954.00 (රුපියල් හැටහත් කෝටි එකොළොස් ලක්ෂ පනස් තුන් දහස් නවසිය පනස් හතරයි)

(ඇ) (i) ඔව්.

(ii) ඔව්.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks