04

E   |     |  

 දිනය: 2020-09-22   පිළිතුර ලබා දී ඇත 

0092/2020: ඓතිහාසික උමං මාර්ග: සංරක්ෂණය

92/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ‍්‍රී ලංකාව තුළ ඓතිහාසික වැදගත්කමක් ඇති උමං මාර්ග ජාලයක් ඇති බවත්;

            (ii)       මෙම උමං මාර්ග පිළිබඳ නිසි ගවේෂණයක් හා සංරක්‍ෂණයක් සිදුවී නොමැති හෙයින් විනාශ වෙමින් පවතින බවත්;

(iii) මේ පිළිබඳව ගවේෂණය කර සංරක්‍ෂණය කිරීමට පියවර ගැනීමෙන් රටේ ආරක්‍ෂක කටයුතු, ප‍්‍රවාහන කටයුතු හා සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය සඳහා යොදාගත හැකි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඓතිහාසික උමං මාර්ග පිළිබඳ ගවේෂණය ආරම්භ කිරීමට රජය පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

(iii) ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) දැනට සොයාගෙන ඇති උමං මාර්ග සංරක්‍ෂණය කිරීමට රජය පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

(iii) ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල කොපමණද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)     (i),  (ii),  (iii)  කොටසටත්, 

(ආ)     (i),   (ii),  (iii) කොටසටත්,

(ඇ)    (i),  (ii),  (iii)   කොටසටත් පිළිතුර මෙසේය:

           ඓතිහාසික වැදගත්කමක් ඇති උමං මාර්ග ජාල පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් තොරතුරු අනාවරණ කරගෙන නොමැති අතර, එකී ඓතිහාසික උමං මාර්ග පිළිබඳව පවතින ජනප්‍රවාද බොහොමයක් මිථ්‍යා  බව කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණ  වී ඇත.

(ඈ)           පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks