බලන්න

04

E   |     |  

 දිනය: 2020-09-25   පිළිතුර ලබා දී ඇත 

0057/2020: Kurunegala Sterilization operations

57/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ සාෆි නැමති වෛද්‍යවරයා සිංහල ජාතික කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා නැගුණු බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම වෛද්‍යවරයාට එරෙහිව අධිකරණයේ පැවති නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ නම් හා ලිපිනයන් කවරේද; (ii) එම වෛද්‍යවරයාට එරෙහිව ‍මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද; (iii) එම වෛද්‍යවරයාට එරෙහිව පවත්වන පරීක්ෂණ කඩිනම් කොට අගතියට පත් මව්වරුන්ට සාධාරණය ඉටු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      මෙවැන්නක් මාධ්‍ය මඟින් ප්‍රකාශ වූ බව දනිමි.

(ආ)         (i)      අදාළ නොවේ. 

              (ii)       අදාළ නොවේ. 

             (iii)       අදාළ නොවේ. 

(ඇ)          (i)       අධිකරණය ඉදිරියේ විභාග වන නඩු සම්බන්ධයෙන් නීතිඥවරුන් ‍සපයා ගැනීම හා වෙනස් කිරීම අදාළ පාර්ශ්ව  සතු කර්තව්‍යයකි. අධිකරණ අමාත්‍යාංශයේ වගකීමක් නොමැත.

              (ii)       එය අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවේ. අධිකරණයේ පවත්නා නඩු සම්බන්ධයෙන් මැදිහත් වීමේ බලයක් අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට‍ හෝ අධිකරණ අමාත්‍යාංශයට නොමැත.

   (iii)  අධිකරණය ඉදිරියේ පවතින නඩු කටයුත්තක් බැවින් එයට මැදිහත් වීමට අධිකරණ අමාත්‍යාංශයට නොහැක. එබැවින් එය අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks