පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
49/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් කවරේද;
(iii) එම පාසල් අතරින් දැනට උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීමේ පහසුකම් ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;
(iv) එම පාසල්වල නම් කවරේද;
(v) උසස් පෙළ තාක්ෂණික විෂයධාරාව හැදෑරීමේ පහසුකම් තවදුරටත් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පුළුල් කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රජයේ පාසල් සංඛ්‍යාව 605කි. (ජාතික පාසල් සංඛ්‍යාව 27කි, පළාත් පාසල් සංඛ්‍යාව 578කි)
(ii) ඇමුණුම 01 යටතේ දක්වා ඇත.
(iii) පාසල් 31කි.
(ජාතික පාසල් 17ක් සහ පළාත් පාසල් 14ක් වශයෙනි.)
(iv) ඇමුණුම 02 යටතේ දක්වා ඇත.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
(v) පියවර රාශියක් තිබේ. ඒවායේ සාරාංශයක් ඉදිරිපත් කරමි.
තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර 02 තුළදී බදුල්ල, කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය සහ හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලය සඳහා තාක්ෂණ පීඨ ලබා දීමට පියවර ගෙන ඇත.
ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රසාරණය මත පාසල් සඳහා අවශ්‍ය අතිරේක විෂය උපකරණ ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇත.
තාක්ෂණවේදය විෂය ක්‍රියාත්මක සියලු පාසල් සඳහා තාක්ෂණ පීඨවල විෂයානුබද්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ක්ෂය ද්‍රව්‍ය, ආයුධ සහ සුළු උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දීම.
සිසුන් සඳහා සිවිල් යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය විෂයයන්ට අවශ්‍ය අතිරේක පුහුණුවීම් ලබාදීමට සැලසුම් කර ඇත.
තාක්ෂණවේදය ගුරු භවතුන් සඳහා න්‍යාය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් ගුරු පුහුණු වැඩසටහන් පාසල් විෂය ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි පැවැත්වීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගැනීම.
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති පාසල් වෙනුවෙන් ප්‍රදේශයේ පිහිටි කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතනවල දායකත්වය ලබා දීමට අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කිරීම.
ගරු මන්ත්‍රීතුමනි, සමස්තයක් හැටියට ගත්තාම මෙමඟින් සෑහෙන ප්‍රගතියක් අපේක්ෂා කිරීමට පුළුවන්.
(ආ) අදාළ නොවේ.
—————————
* ඇමුණුම් පුස්තකාලයේ තබා ඇත.
* இணைப்பு நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Annexes placed in the Library.
පිළිතුරු දුන් දිනය
2020-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks