පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
21/2020 ගරු හේෂා විතානගේ මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටියදී, 2015 වර්ෂයේ සිට ඝාතනය වූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද; (ii) එම පොලිස් නිලධාරින් ඝාතනය වීමට හේතු කවරේද; (iii) එම නිලධාරින්ගේ අඹුදරුවන් ආරක්ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර කවරේද; (iv) නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව සහ ඔවුන්ගේ අඹුදරු රැකවරණය සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය වර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන්නේද; (v) එසේ නම්, එය සිදු කරනු ලබන කාලසීමාව සහ ක්‍රමවේදය කුමක්ද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටියදී 2015 වර්ෂයේ සිට ඝාතනය වූ පොලිස් නිලධාරින්ගේ අඹුදරුවන් වෙනුවෙන් ගෙවන ලද දීමනාවල වටිනාකම කවරේද? (ii) ඔවුන්ගේ වැන්දඹු අනත්දරු දීමනා නිසි පරිදි ගෙවා තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) ඝාතනයට ලක්වීමෙන් පසු; (i) උසස්වීම් ලබා දී ඇති නිලධාරින් සංඛ්‍යාව කොපමණද; (ii) උසස්වීම් ලබා දී නොමැති නිලධාරින් සංඛ්‍යාව කොපමණද; (iii) උසස්වීම් ලබා දී නොමැති නිලධාරින් සඳහා උසස්වීම් ලබා නොදීමට හේතු කවරේද; යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-04
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
මියගිය නිලධාරින් සංඛ්‍යාව |
|
2015 |
නැත. |
|
2016 |
01 |
|
2017 |
02 |
|
2018 |
05 |
|
2019 |
05 |
|
2020.11.24 දක්වා |
02 |
(ii) සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරුවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්වීම, මත් ද්‍රව්‍ය වැටලීම්වලදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීම, කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්වීම, සැකකරුවන්ගේ පහර කෑමට ලක්වීම, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පහර කෑමට ලක්වීම, සාහසිකයෙකුගේ පිහි පහරට ලක්වීම, බෝම්බ ප්‍රහාරයකට ලක්වීම (පාස්කු ඉරුදින සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අතරතුරදී), ටිපර් රථ රියැදුරන් විසින් හප්පා ඝාතනය කිරීම.
(iii) නිලධාරින්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට නියමිතව තිබූ දින දක්වා මාසික වැටුප සමඟ හිමි සියලු දීමනා යැපෙන්නන් වෙත ගෙවීම.
වන්දි සඳහා හිමිකම් පාන නිලධාරින්ට අදාළ වන්දි මුදල් ආයතන අධ්‍යක්ෂ ජනරාල් මඟින් යැපෙන්නන් වෙත ගෙවීමට කටයුතු කිරීම.
රජය මඟින් ගනු ලබන වෙනත් ප්‍රතිපාදන සහ සුබසාධන පහසුකම් දියුණු කිරීමේ ප්‍රතිපත්තිවලට අනුව එම ප්‍රතිලාභ නිලධාරින්ගේ යැපෙන්නන් වෙත ලබා දීම සඳහා නිසි කටයුතු කිරීම.
අදාළ කොට්ඨාස භාර නිලධාරින්, ස්ථානාධිපතිවරුන් හා කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති රණවිරු පිරික්සුම් ඒකක මඟින් යැපෙන්නන් පිළිබඳ සොයා බැලීම.
නිලධාරින්ගේ යැපෙන්නන් සඳහා පොලිස් රෝහල් මඟින් වෛද්‍ය පහසුකම් ලබා දීම.
(iv) ඔව්.
(v) මේ වන විට ද නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් වශයෙන් පොලිස් නිලධාරින්ගේ ජීවිතවලට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතවලට අපරාධකරුවන්ගේන තර්ජන එල්ලවීම් වාර්තා වූ වහාම කොට්ඨාස භාර නිලධාරින් මඟින් විශේෂ හා කඩිනම් පරීක්ෂණ සිදු කර අදාළ තර්ජන කරන්නවුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන අතර, වඩා බරපතළ තත්ත්වයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, අපරාධ කොට්ඨාසය, මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෝ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ආදි සුවිශේෂි කොට්ඨාස මඟින් විමර්ශන සිදු කරවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව දැනට පවතින ක්‍රියාදාමය තවදුරටත් වර්ධනය කරමින් අපරාධ මැඩලීමේ රාජකාරිවල බරපතළභාවය අනුව රාජකාරි ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොලිස් නිලධාරින්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත කෙරෙහි ඇති විය හැකි තර්ජන තත්ත්වය බුද්ධි අංශවල සහයෝගය ද ඇතිව පුරෝකථනය කරමින් එම තත්ත්ව ඇති වීම වළක්වාගැනීමට සැලසුම් සකස් කරනු ලැබේ.
(ආ) (i) අපරාධ මැඩලීමේ කටයුතුවල යෙදී සිටියදී 2015 වර්ෂයේ සිට ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරින්ගේ යැපෙන්නන් වෙත මියගිය නිලධාරියාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට නියමිතව තිබූ දිනය වනතෙක් මාසික වැටුප් හා සියලු දීමනා ලබාගැනීමේ හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93 හා 21/88 ප්‍රකාරව හිමි වන වන්දි ලබාගැනීමේ හිමිකම ඇත.
ඒ අනුව, පොලිස් නිලධාරින් පස්දෙනෙකුගේ යැපෙන්නන්ගේ අභිමතය පරිදි රුපියල් හැත්තෑහත්ලක්ෂ අසූනවදහස් හාරසියහතළිහක (රු.7,789,440.00) මුදලක් ගෙවා ඇති අතර, ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ යැපෙන්නන්ගේ අභිමතය පරිදි මියගිය නිලධාරියාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට නියමිතව තිබූ දිනය වනතෙක් මාසික වැටුප් හා සියලු දීමනා ගෙවීම් කරනු ලබන අතර, ඝාතනයට ලක් වූ නිලධාරින් දෙදෙනෙකුගේ යැපෙන්නන් වෙත මාසික වැටුප් හා සියලු දීමනා ගෙවීම සඳහා ගොනු සකසමින් පවතී.
(ii) ඔව්.
(ඇ) (i) 2015 වර්ෂයේ සිට 2020.11.23 දින දක්වා ඝාතනයට ලක් වූ පොලිස් නිලධරයන් 15දෙනෙකුහට ඊළඟ තනතුරට පශ්චාත් උසස්වීම් ලබා දී ඇත.
(ii) ඝාතනයට ලක් වීමෙන් පසු උසස්වීම් ලබා නොදුන් කිසිදු නිලධාරියෙකු නොමැත.
(iii) පැන නොනඟී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks