පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
20/2020 ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්, මධ්‍යම මට්ටමේ කාර්මික සේවාවට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛ අංක 22/2002 නිකුත් කර ඇති බවත්; (ii) එහෙත් සබරගමු පළාත් සෞඛ්‍ය නිලධාරීන් හා සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඉහත චක්‍ර ලේඛයට අනුව කටයුතු නොකරන බවත්; (iii) මේ සම්බන්ධව වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය, සබරගමුව පළාත් රාජ්‍ය සේවා කෙමිෂන් සභාව විසින් නොසළකා හැර ඇති බවත්; එතුමිය දන්නෙහිද? (ආ) එසේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය, සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අවස්ථා තුනකදීම නොසලකා හැරීමට හේතු කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) සබරගමුව පළාත් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය කොපමණද; (ii) ඉදිරියේ දී එම මුදල් ගෙවිමට පියවර ගන්නේද; යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-27
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) චක්‍රලේඛයට අනුව කටයුතු කර ඇත.
(iii) සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග, සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නොසලකා හැර නැත.
(ආ) එක් එක් නිලධාරියාගේ සුදුසුකම් මත මේ වන විට I පන්තිය දක්වා ක්ෂේත්‍ර සහකාර නිලධාරින්ගේ සියලුම උසස්වීම් ව්‍යවස්ථානුකූලව ලබා දී ඇති බවට, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්ගේ අංක සීඑම්/ඒඩී/6/3/1-2 හා 2020.11.20 දිනැති ලිපිය හා ඊට අදාළ ඇමුණුම් - ඇමුණුමක්* ලෙස ඉදිරිපත් කරමි.
(ඇ) (i) හිඟ වැටුප් ගණනය කිරීමේ අවශ්‍යතාවක් මතු වී නොමැත.
(ii) පැන නොනඟී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks