04

E   |     |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0015/2020: නීතිවීරෝධී මත්ද්‍රව්‍ය අළෙවිය හා භාවිතය: විස්තර

15/2020

ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015.02.01 දින සිට මේ දක්වා නීතිවීරෝධී මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද‍;  

(ii) නිතීවීරෝධී මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා ක්‍රියා කරනු ලබන රාජ්‍ය හෝ රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනවල නම් කවරේද‍;

(iii) එම එක් එක් ආයතනය මඟින් අත්අඩංගුවට ගනු ලැබු නීතීවීරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද‍;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        (i)

වර්ෂය

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව

2015

73444

2016

75304

2017

81156

2018

96489

2019

89308

2020.09.18වන විට

54505

(ii)         

        ශ්‍රී ලංකා පොලීසිය

        ශ්‍රී ලංකා රේගුව

        සුරාබදු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා නාවික හමුදාව

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ශ්‍රී ලංකා යුද හමුදාව

බන්ධනාගාරය

 

(iii) 2015.02.01 දින සිට 2020.09.18වන දින දක්වා එක් එක් ආයතනය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය

ආයතනය

මත්ද්‍රව්‍ය ප්‍රමාණය (කි.ග්‍රෑ)

මත්පෙති ප්‍රමාණය

ශ්‍රී ලංකා පොලීසිය

40851.903

15420470

ශ්‍රී ලංකා රේගුව

197.254

328745

ශ්‍රී ලංකා නාවික හමුදාව

5107.709

17

බන්ධනාගාරය

0.279

24

සුරාබදු දෙපාර්තමේන්තුව

160.978

0

ශ්‍රී ලංකා යුද හමුදාව

157.775

0

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2020-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks