පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
14/2020
ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර හා අවට ප්‍රදේශ කලක සිට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බෙදා හැරිමේ මධ්‍යස්ථානයක්ව පවතින බවත්, පාසල් ශිෂ්‍යයන් හා තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම බෙදා හැරිමේ ජාලය තවමත් ශක්තිමත්ව ක්‍රියාත්මකවන බව එතුමා දන්නෙහිද?
(ආ) පසුගිය වර්ෂ දෙක තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ —
(i) සිදු කරන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සංඛ්‍යාව;
(ii) මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව;
(iii) අත්අඩංගුවට පත් වූ නීතිවිරෝධී මත්ද්‍රව්‍යවල වටිනාකම;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දැනට හඳුනාගෙන ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගණයට අයත් මත්ද්‍රව්‍ය වර්ග හා ඒවා මෙරටට පැමිණෙන රටවල් ඇතුළත් නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
(ii) මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කඩිනමින් නීතීයේ රැහැනට හසුකර, මත් උවදුර ප්‍රදේශයෙන් තුරන් කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) රත්නපුර දිස්ත්‍රික්කය තුළ මහා පරිමාණයෙන් මත් ද්‍රව්‍ය බෙදා හැරීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී නොමැත. එම දිස්ත්‍රික්කය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාලය මේ වන විට හඳුනා ගෙන ඇත. ඒවායේ ක්‍රියාකාරී ජාවාරම්කරුවන් සහ අනුගාමිකයන්ද, මුදල් සංසරණ ජාලයේ පුද්ගලයන් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම් නියෝග ලබා ගෙන මේ වන විට විමර්ශන සිදු කරනු ලබයි. නීති විරෝධී ලෙස උපයා ගෙන ඇති මුදල් හා දේපළ සම්බන්ධව විමර්ශන සිදු කරමින් පවතින බැවින්, මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ මත් ද්‍රව්‍ය උවදුර යම් ප්‍රමාණයකට පාලනය වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.
ගරු කථානායකතුමනි, පාසල් ශිෂ්‍යයන් හා තරුණ පිරිස ඉලක්ක කර මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා අප දැනට පියවර ගනිමින් සිටිනවා. පාසල් දරුවන් මේ ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා පාසල්වල ගුරු දෙගුරු සමිතිවල පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරින් යොමු කර, දෙමව්පියන්, දරු දැරියන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව, මේ සම්බන්ධව පාසල්වලින් තොරතුරු ලබා ගැනීම් සඳහා තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා දුරකථන සහ ෆැක්ස් පහසුකම් සහිතව පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් මැදිරියක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේත් පිහිටුවා තිබෙනවා.
(ආ) ශ්‍රී ලංකා පොලීසිය පරිපාලන දිස්ත්‍රික්ක මට්ටමින් නොව පොලිස් කොට්ඨාස මට්ටමින් තොරතුරු රැස්කරනු ලබයි. එබැවින්, රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් පොලිස් කොට්ඨාස දෙකට අදාළව ප්‍රශ්නයේ මෙම කොටසේ අනු අංක (i), (ii) සහ (iii) සඳහා පිළිතුරු පහත පරිදි වේ.
(ඇ) (i)
|
මත් ද්‍රව්‍ය වර්ගය |
අදාළ මත් ද්‍රව්‍ය මෙරටට පැමිණෙන බවට හඳුනාගෙන ඇති රටවල් |
|
හෙරොයින් |
ඉරානය, පාකිස්තානය, ඉන්දියාව |
|
කොකේන් |
බ්‍රසීලය |
|
ගංජා |
ඉන්දියාව |
|
කෘත්‍රිම මත් ද්‍රව්‍ය |
මැලේසියාව, ඉන්දියාව |
(ii) ඔව්.
රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය තුළ මත් ද්‍රව්‍ය ජාවාරම හා ව්‍යාප්තිය වැළැක්වීමට ශ්‍රී ලංකා පොලීසියේ උපරිම දායකත්වය ලබාදී ඇති අතර, සමස්ත දිවයිනේම ක්‍රියාත්මක මත් ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම රජයේ අරමුණ වන බැවින්, ඒ සඳහා පොලීසියේ උපරිම ශක්තිය යොදවා ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks