04

E   |     |  

 දිනය: 2020-10-07   පිළිතුර ලබා දී ඇත 

0011/2020: "සේවා පියස" වැඩසටහන: විස්තර

11/2020

ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමක් සඳහාම “සේවා පියස” කාර්යාලයක් ඉදිකිරීමට පියවර ගෙන තිබේද;

             (ii)      එසේ නම්, ඒ සඳහා වෙන්කර ඇති මුදල කොපමණද; 

(iii) එක් “සේවා පියස” කාර්යාලයක් ඉදිකිරීමට ඇස්තමේන්තුගත මුදල කොපමණද;

(iv) මෙම වැඩසටහන අවසන් කිරීමට සැලසුම් කර ඇති දිනය කවරේද;  

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-07

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      "සේවා පියස" කාර්යාලය "නිල සෙවණ" කාර්යාලය නමින් සෑම ග්‍රාම නිලධාරි වසමක් සඳහාම ඉදිකිරීමට සැලසුම් කර ඇත.

              (ii)      2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා "නිල සෙවණ" කාර්යාලය ඉදිකිරීමට ලැබී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1,989.05කි.

                        ඉදිරි වර්ෂයේ (2021) ඇස්තමේන්තුගත ඉදිකිරීම් කටයුතු සඳහා අය වැයෙන් ඉල්ලුම් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1,672කි.

(iii) එක් "නිල සෙවණ" කාර්යාලයක් ඉදි කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී ඇස්තමේන්තුගත මුදල වූයේ රුපියල් මිලියන 2කි. අතිගරු ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව වර්තමාන "නිල සෙවණ" කාර්යාලයක් සඳහා නිලධාරින් 5 දෙනෙකුගේ සේවය දක්වා ඇති බැවින් ද, ගොඩනැඟිලි රේටයන් වෙනස් වීම හා ග්‍රාමීය හා නාගරික වශයෙන් ඉදිකිරීම් සැලසුම් වෙනස් වන බැවින්ද ඊට අනුරූපව කාර්යාල පහසුකම් සැලසීම උදෙසා යෝජිත "නිල සෙවණ" ගොඩනැඟිල්ල ඉදිකිරීමට අදාළව මෙහි සඳහන් රුපියල් මිලියන 2ක් වූ ඇස්තමේන්තුගත මුදල ඉදිරියේදී සංශෝධනය වීමට නියමිතය.

(iv) මුදල් අමාත්‍යාංශය මඟින් මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම හෝ වෙන් කරනු ලබන ප්‍රමාණය පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බැවින් සහ ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාණය මත සියලු "නිල සෙවණ" කාර්යාල ඉදිකර අවසන් කිරීමේ කාලය තීරණය වන බැවින් වැඩසටහන අවසන් කිරීමේදී දිනයක් නිශ්චිතව සඳහන් කළ නොහැක.

(ආ) අදාළ නොවේ

පිළිතුරු දුන් දිනය

2020-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks