පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1/2020
ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 1978 වර්ෂයෙන් ඇරඹි පළමුවන පාර්ලිමේන්තුවේ සිට නවවැනි පාර්ලිමේන්තුව දක්වා එක් එක් පාර්ලිමේන්තුවට අදාළව පත් කරන ලද අමාත්‍ය මණ්ඩලවල සිටි කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය —
(i) අමාත්‍යවරයන් සංඛ්‍යාව;
(ii) අමාත්‍යවරියන් සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම එක් එක් අමාත්‍ය මණ්ඩලයේ සිටි අමාත්‍යවරියන් සංඛ්‍යාව, අදාළ අමාත්‍ය මණ්ඩලයේ සිටි මුළු අමාත්‍යවරයන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
(ii) රටේ වර්තමාන කාන්තා ජනගහනයේ ප්‍රතිශතයට සරිලන සාධාරණ නියෝජනයක් අමාත්‍ය මණ්ඩලය තුළ කාන්තාවට ලැබී නොමැති බව පිළිගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1978 වර්ෂයෙන් ඇරඹි පළමුවන පාර්ලිමේන්තුවේ සිට නවවැනි පාර්ලිමේන්තුව දක්වා එක් එක් පාර්ලිමේන්තුවට අදාළව ඇති කරන ලද අමාත්‍ය මණ්ඩලවල සිටි කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව
|
වර්ෂය |
පාර්ලිමේන්තුව |
කැබිනට් |
කැබිනට් නොවන |
රාජ්‍ය |
නියෝජ්‍ය |
මුළු |
|
1978 |
01 |
25 |
- |
- |
- |
25 |
|
1989 |
02 |
21 |
- |
- |
- |
21 |
|
1994 |
03 |
23 |
- |
- |
31 |
54 |
|
2000 |
04 |
42 |
- |
- |
36 |
78 |
|
2001 |
05 |
25 |
27 |
- |
08 |
60 |
|
2004 |
06 |
31 |
03 |
- |
31 |
65 |
|
2010 |
07 |
37 |
- |
- |
39 |
76 |
|
2015 |
08 |
45 |
- |
19 |
23 |
87 |
|
2019 |
08 |
16 |
- |
38 |
- |
54 |
|
2020 |
09 |
27 |
- |
40 |
- |
67 |
(ii) එම එක් එක් අමාත්‍ය මණ්ඩලයේ සිටි අමාත්‍යවරියන් සංඛ්‍යාව
|
වර්ෂය |
පාර්ලිමේන්තුව |
කැබිනට් |
රාජ්‍ය |
නියෝජ්‍ය |
මුළු |
|
1978 |
01 |
01 |
- |
- |
01 |
|
1989 |
02 |
01 |
- |
- |
01 |
|
1994 |
03 |
03 |
- |
05 |
08 |
|
2000 |
04 |
04 |
- |
- |
04 |
|
2001 |
05 |
01 |
- |
- |
01 |
|
2004 |
06 |
03 |
- |
- |
03 |
|
2010 |
07 |
02 |
- |
01 |
03 |
|
2015 |
08 |
02 |
02 |
02 |
06 |
|
2019 |
08 |
01 |
- |
- |
01 |
|
2020 |
09 |
01 |
02 |
- |
03 |
(ආ) (i) ප්‍රතිශතය 1994 වර්ෂයේ උපරිම ලෙස සියයට 13.04 හා 2020 වර්ෂයේ සියයට 3.7 අතර වී ඇත.
(ii) අමාත්‍ය මණ්ඩලයේ කාන්තා නියෝජනයද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජන මට්ටමේ පවතී.
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 3.6යි. අමාත්‍ය මණ්ඩලයේ ද සියයට 3.6යි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks