පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
129/2020
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය වසර දෙක තුළ මහනුවර දිස්ත්‍රික්කයේ,
(i) සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් සංඛ්‍යාව;
(ii) මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව;
(iii) අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍යවල වටිනාකම;
වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) දැනට හඳුනාගෙන ඇති තහනම් මත්ද්‍රව්‍ය ගණයට අයත් මත්ද්‍රව්‍ය වර්ග හා ඒවා මෙරටට පැමිණෙන රටවල් ඇතුළත් ලේඛනයක් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, ගම්පොළ හා අවට ප්‍රදේශ කලක සිට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්ව පවතින බවත්, පාසල් ළමුන් හා තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම බෙදාහැරීමේ ජාලය තවමත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් දන්නේද;
(ii) මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර, මත් උවදුර ප්‍රදේශයෙන් තුරන් කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-19
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks