පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
124/2020
ගරු බිමල් රත්නායක මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් තනතුරේ කටයුතු කළ කේ.ටී.බී.පී. ජයම්පති මහතා 2008.01.08 දාතමින් සහනදායී පදනම යටතේ මෝටර් රථයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාගෙන තම වාහනය රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවත්;
(ii) එම නිලධාරියාට යළිත් සහනදායී පදනම මත මෝටර් රථයක් ලබාගත හැක්කේ වසර 5කට පසුව වුවද, ඉහත කී බලපත්‍රය පිළිබඳ තොරතුරු සාවද්‍ය ලෙස සඳහන් කරමින් 2011.01.14 දින එවකට සිටි ගුවන් හමුදාපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ සහිතව යළිත් සහනදායී පදනම යටතේ මෝටර් රථයක් ආනයනය කිරීමට අයදුම්පතක් ඉදිරිපත් කර, 2011.06.07 දින අදාළ බලපත්‍රය ලබාගෙන මෝටර් රථයක් ආනයනය කර ඇති බවත්;
(iii) ඒ අනුව, ඔහු චක්‍රලේඛ නියමයන් උල්ලංඝනය කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඒ අනුව, මෙම නිලධාරියාට එරෙහිව ගත් නීතිමය පියවර කවරේද;
(ii) චක්‍රලේඛ නියමයන්ට එරෙහිව සහනදායී පදනම යටතේ මෝටර් රථයක් ගෙන්වීමට මෙම නිලධාරියාට නිර්දේශ නිකුත් කිරීම පිළිබඳව එවකට සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ගුවන් හමුදාපතිවරයාට එරෙහිව ගනු ලැබූ නීතිමය පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-19
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks