04

E   |     |  

 දිනය: 2011-03-23   පිළිතුර ලබා දී ඇත 

0872/2011: Power Plant

0872/’10

ගරු    ශාන්ත බණ්ඩාර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2005 වර්ෂයෙන් පසු අප රට තුළ ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට   අවශ්‍ය විදුලිය ජනනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බව එතුමා දන්නේද;

(ii) එසේ නම්, එම ව්‍යාපෘති, ජල විදුලි බලාගාර, තාප විදුලි බලාගාර හා වෙනත් බලාගාර වශයෙන් වෙන් වෙන්ව කවරේද;

        (​iii) එම ව්‍යාපෘති මගින් ජාතික විදුලිබල පද්ධතියට මේ වන විට දායක කර ගත් මෙගා වොට් ප්‍රමාණය සහ ඉදිරියේදී එක් කිරීමට ඉලක්ක කර ඇති  මෙගා වොට් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත ව්‍යාපෘතිවලට අමතරව තවත් විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි   අවධානය යොමු කර තිබේද;

(ii) එසේ නම්, එම එක් එක් ව්‍යාපෘතිය පිළිබඳ විස්තර සැකෙවින් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-03-23

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks