04

E   |     |  

 දිනය: 2020-01-22   පිළිතුර ලබා දී ඇත 

0003/2020: Updating MME Accredited List

3/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කටාර් රාජ්‍යයේ නාගරික හා පාරිසරික අමාත්‍යාංශය (MME) විසින් එම රජයේ සේවය කරන සියලු ඉංජිනේරු වෘත්තීයවේදීන් එම අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි විය යුතු බවට නව‍ රෙගුලාසි පනවා ඇති බවත්;

(ii) ලියාපදිංචි නොවන වෘත්තීයවේදීන් වසර තුනක සිර දඬුවමකට හෝ රියාල් 100,000 දඩයකට හෝ යටත් වන බවත්;

(iii) ශ්‍රී ලංකාව ද මෙම MME අනුමතිය අධ්‍යාපන ආයතන කිහිපයකට පමණක් ලබාගෙන ඇති බවත්;

(iv) ශ්‍රී ලංකාව තුළ මෙම MME ලැයිස්තුවට ඇතුළත් කළ හැකි ආයතන තවත් ඇති බවත්;

(v) ඉන්දියාව, පිලිපීනය වැනි රටවල්වල අඩු ගුණාත්මක බවක් ඇති ආයතනද මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීම හේතුවෙන් අප රටේ වෘත්තීයවේදීන්ගේ රැකියා අවස්ථා අවදානමකට ලක්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

 (ආ) (i) MME ලැයිස්තුව යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එයට ඇතුළත් කරන ලද නව ආයතන කවරේද;

(iii) උක්ත අනුමතිය නොමැතිවීම හේතුවෙන් රැකියා අහිමි වී ඇති ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන් වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(iv) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks