04

E   |     |  

 දිනය: 2020-01-21   පිළිතුර ලබා දී ඇත 

0001/2020: Unregistered Private Practicing centers

1/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      වෛද්‍යවරුන්ගේ නමින් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම සංඛ්‍යාව පූර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් ලියාපදිංචි කර ඇති ආකාරය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) (i) වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ අවසන්වරට සංගණනයක් සිදු කළ දිනය කවරේද;

(ii) නැවත සංගණනයක් සිදු කිරීමට පියවර ගන්නේද;

(iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) (i) ලියාපදිංචි සහතිකයක් නොමැතිව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කවරේද;

(ii) පසුගිය වසර දෙක තුළ නීතිය හමුවට පමුණුවන ලද ලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

 (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks