පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0834/’10
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගනු ලබන මුල් පාසල් 50 තුළ 2009 සහ 2010 වර්ෂවල පැවති ශිෂ්‍යත්ව විභාගයන්ගෙන් සමත් සිසුන් සඳහා 2010 සහ 2011 වර්ෂයන්හිදී වෙන් කළ පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සියලු පාසල් තුළ හෝ ඇතැම් පාසල් තුළ 2009 වර්ෂයේ විභාගය සමත් වූ සිසුන් සඳහා 2010 වර්ෂයේදී 6 ශ්‍රේණියෙන් වෙන්කළ පුරප්පාඩු ප්‍රමාණයට වඩා, 2010 වර්ෂයේදී සමත්වූ සිසුන් සඳහා 2011 වර්ෂයේ වෙන් කර ඇති පුරප්පාඩු සංඛ්‍යාව අඩුවී තිබේද;
(ii) එවැනි අඩුවීමක් තිබේ නම්, ඊට හේතු කවරේද;
(iii) 6 ශ්‍රේණියේ පුරප්පාඩු සංඛ්‍යාවේ අඩුවීමක් තිබේ නම්, අවම වශයෙන් 2010 දී වෙන්කළ පුරප්පාඩු ප්‍රමාණය 2011 දී ද වෙන්කර දීමට පියවර ගන්නේද;
(iv) නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තහවුරු කිරීම සඳහා, ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසුන් වෙනුවෙන් දිවයිනේ ජනප්‍රිය පාසල්වලින් වෙන් කරනු ලබන පුරප්පාඩු ප්‍රමාණය ඉදිරියේදී අඩු නොකර පවත්වා ගැනීමට ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-03-08
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks