බලන්න

04

E   |     |  

 දිනය: 2010-12-07   පිළිතුර ලබා දී ඇත 

0831/2010: Use of Banned Fishing Nets

0831/’10 ගරු වික්ටර් ඇන්ටනී මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කරදිය සහ කළපු ආශ්‍රිතව මසුන් ඇල්ලීම සඳහා තහනම් දැල් භාවිතය නිසා සිදුවන මත්ස්‍ය පැටවුන් විනාශය හේතුවෙන් මත්ස්‍ය සම්පත් අඩුවී ඇති බවත්; (ii) ඒ හේතුවෙන් ධීවර කාර්මිකයින්ට ප්‍රමාණවත් මත්ස්‍ය සම්පත් නෙලා ගැනීමට නොහැකි වී ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) දැනට භාවිත වන සියලුම තහනම් දැල් වර්ග අත්අඩංගුවට ගැනීමට සහ තහනම් දැල් වර්ග භාවිතය සදහටම ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් කවරේද; (ii) තහනම් දැල් වර්ග භාවිතයට නොගැනීමට හා විනාශ කිරීමට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) (i) කරදිය හා කිවුල් දිය(කළපු) මත්ස්‍යයින් බහුල කරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; (ii) තහනම් අවිධිමත් දැල්ක්‍රම නිසා විනාශ වී ඇති ස්වභාවික මත්ස්‍ය ප්‍රජනන මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට හා ඒවා වර්ධනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද; (iii) මත්ස්‍ය ප්‍රජනනය සඳහා විශේෂිත වූ කලාප වෙන් කිරීමට අදහස් කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-12-07

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks