පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0830/’10 ගරු වික්ටර් ඇන්ටනී මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ධීවර ප්‍රජාවට උසස් සමාජ තත්වයක් ලබාදීම සඳහා ධීවර සම්පත් වර්ධනය කිරීම, ධීවර පහසුකම් වැඩි දියුණු කිරීම, අලෙවි පහසුකම් සලසා දීම සහ ධීවර ජනතාවගේ සකසුරුවම්කම පිළිබඳව දැනුම වර්ධනය කිරීම ආදි කටයුතු සම්බන්ධයෙන් වැඩ සටහන් ආරම්භ කර තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) වාරකන් කාලයේදි ධීවර ජනතාවගේ ආර්ථිකය තිරසාරව පවත්වා ගැනීම සඳහා ගෙන ඇති විකල්ප ක්‍රියා මාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) කරවල වේලීම, ජාඩි දැමීම, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා මසුන් සැකසීම, තල්කොල භාණ්ඩ සැකසීම, මැහුම් කටයුතු සහ සිප්පිකටු විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය වැනි ජීවනෝපායන් සඳහා ධීවර කාන්තාවන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබේද ; (ii) එම නිෂ්පාදන අලෙවිය සඳහා වැඩ පිළිවෙලක් සකස් කර තිබේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-12-07
අසන ලද්දේ
ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks