පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1019/’19
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා ගැසට් කරන ලද කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටිය කවරේද;
(iii) ග්‍රාම නිලධාරි කොට්ඨාස හතරකට එක් අතිරේක උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයෙක් බැඟින් පත් කිරීමට කටයුතු යොදා තිබේද;
(iv) එසේ නම්, ඒ මන්ද;
(v) ප්‍රධාන රෝහල් සඳහා පත් කරන ලද වෛද්‍ය උප්පැන්න හා මරණ ලියාපදිංචි රෙජිස්ට්‍රාර්වරුන් සංඛ්‍යාව හා රෝහල් සංඛ්‍යාව කොපමණද;
(vi) රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා බඳවා ගැනීමේ සම්ප්‍රදාය වෙනස් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-04
අසන ලද්දේ
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 1,011.
(ii) විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීමේ පටිපාටිය ඇමුණුම** මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) නැත.
(iv) අදාළ නොවේ.
(v) ප්‍රධාන රෝහල් සඳහා පත් කර ඇති වෛද්‍ය උප්පැන්න හා මරණ ලියා පදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් ගණන 51ක් වන අතර, ඔවුන් රෝහල් 51කට අනුයුක්තව සේවය කරනු ලබයි. මෙයට අමතරව වෛද්‍ය නොවන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් 25 දෙනෙකු රෝහල් 25ට අනුයුක්තව සේවය කරනු ලබයි.
(vi) විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීම සඳහා උපත් හා මරණ ලියා පදිංචි කිරීමේ පනත මගින් අමාත්‍යවරයා වෙත බලතල පැවරී ඇත.
එකී බලතල ප්‍රකාරව රෝහල තුළ මාසිකව සිදුවන උපත් හා මරණ සංඛ්‍යාව 400 ඉක්මවන රෝහල් සඳහා නව රෝහල් කොට්ඨාස ඇති කිරීමට පියවර ගන්නා ලදී. මේ යටතේ නව රෝහල් කොට්ඨාස 46ක් ගැසට් කරන ලද අතර (2018.11.09 දිනැති අංක 2097 ගැසට් පත්‍රය, 2019.01.25 දිනැති අංක 2018 ගැසට් පත්‍රය හා 2019.03.29 දිනැති අංක 2017 ගැසට් පත්‍රය මගින්) එකී කොට්ඨාස සඳහා රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදන 2019.03.08 අංක 2114 හා 2019.05.10 අංක 2123 දරන රජයේ ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks