01

E   |     |  

 දිනය: 2019-05-10   පිළිතුර ලබා දී ඇත 

0944/2019: දෙල්තොට ප්‍රදේශයේ සංචාරක අධිකරණයක් පිහිටුවීම: පියවර

944/’19

ගරු මුහම්මදු නසීර් මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       මහනුවර නගරයේ සිට කි.මි. 40ක පමණ දුරින් පිහිටි දෙල්තොට නගරයේ වෙසෙන ජනතාවට අධිකරණ කටයුතු සඳහා මහනුවර නගරයට පැමිණීමේදී මුහුණපාන අපහසුතා හා දුෂ්කරතාවයන් මගහරවා ගැනීමේ අරමුණින් දෙල්තොට ප්‍රදේශයට සංචාරක අධිකරණයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබූ බවත්;

(ii) ඒ සඳහා මධ්‍යම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන දැනට වසා දමා ඇති පාසැල් ගොඩනැගිල්ලක් ලබා දීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එකඟත්වය පළකර ඇති බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) පාතහේවාහැට හා දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ අවට පදිංචි ජනතාවගේ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ හැකියාව සැලකිල්ලට ගෙන දෙල්තොට නගරයේ සංචාරක අධිකරණයක් පිහිටුවීම සඳහා පියවර ගන්නේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-10

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i), (ii)      ඔව්.

 

  • දෙල්තොට ප්‍රදේශයේ ජංගම උසාවියක් පිහිටුවීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා වූ බව දෙල්තොට ප්‍රාදේශීය ලේකම් විසින් අංක දෙ/ප්‍රාලේ/2/4/ප්‍රා.ස.ක හා 2013.03.27 දිනැති ලිපියෙන් දැනුම් දී ඇත.
  • මධ්‍යම පළාත යටතේ ක්‍රියාත්මක වන වසා දමා ඇති දෙල්තොට ගොනංගොඩ මුස්ලිම් විද්‍යාලය පැවති ගොඩනැඟිල්ල ලබා දීමට මධ්‍යම පළාත් සභාවේ ලේකම්, (ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ‍)ගේ අංක සිපිසි/සිඑල්ජි/1/11/ඉඩම් අත්පත් හා 2014.04.29 දිනැති ලිපියෙන් අනුමැතිය ලබා දී ඇත.

 

ඒ අනුව මෙම ඉඩම් කොටස අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතී.

(ආ) දෙල්තොට නගරයේ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳ උපදෙස් හා නිර්දේශ 2019.04.25 දින හා 2019.07.02 දිනයන්හි අධිකරණ සේවා කොමිෂන් සභාව වෙතින් විමසා ඇති අතර එම කොමිෂන් සභාව විසින් දෙල්තොට නගරයේ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් අනුමැතියක් ලබාදීමට පියවර ගෙන නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.

 

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks