පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
811/19
ගරු වාසුදේව නානායක්කාර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොහුවල හන්දිය දක්වා ගමන් කරන මාර්ග ඔස්සේ දැනට පදිකයන්ට ගමන් කිරීම සඳහා ඉඩකඩ වෙන්කර තිබේද;
(ii) දැඩි වාහන ගමනාගමනයක් සිදුවීම හේතුවෙන් තත්ත්වය උග්‍ර වී තිබේද;
(iii) මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් 2016 වර්ෂයේ සිට ගන්නා ලද පියවර කවරේද;
(iv) ඉහත කී මාර්ග වලට යාබද ඉඩම දේශපාලනඥයන්ට සහ ලයිසියම් විද්‍යාලයට අයත් වන හෙයින් එකී මාර්ග පුළුල් කිරීම කල් දමනු ලැබ තිබේද;
(v) මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරනු ලබන්නේ ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේනම් , ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-04
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
නුගේගොඩ - කළුබෝවිල මාර්ගය දෙපස උස් කළ පදික වේදිකාවද - raised footwalk - පාමංකඩ-හොරණ මාර්ගය දෙපස උස් නොකළ පදික වේදිකාවද ඉදිකර ඇත.
(ii) කොහුවල මං සන්ධිය කොළඹ නගරයට ආසන්නව පිහිටි නාගරික මං සන්ධියක් බැවින් කලක සිටම කාර්ය බහුල වේලාවලදී මාර්ග තදබදයක් ඇති වේ.
(iii) මාර්ග සංවර්ධන අධිකාරියේ ජාතික මහාමාර්ග ආංශික ව්‍යාපෘතිය මඟින් පාමංකඩ පාලමේ සිට කැස්බෑව දක්වා මාර්ගය පුළුල් කිරිම ආරම්භ කොට ඇත. දැනට පැපිලියාන සිට කැස්බෑව දක්වා මාර්ග කොටස වැඩිදියුණු කර ඇති අතර කොහුවල මං සන්ධියේ මාර්ග තදබදය අවම කිරීමට පිළියමක් ලෙස හංගේරියානු ණය ආධාර යටතේ ගුවන් පාලමක් ඉදිකිරීමට දැනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, එම වැඩකටයුතු මෙම වර්ෂයේ දී ආරම්භ කිරීමට නියමිතව ඇත.
(iv) නැත.
(v) පාමංකඩ-පැපිලියාන දක්වා කොටසේ අත්පත් කර ගැනීම් සඳහා වන්දි ගෙවීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වී ඇත.
ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු කොහුවල මං සන්ධිය පුළුල් කොට, උස් කළ පදික වේදිකා ඉදිකර සංවර්ධන කටයුතු සිදු කරනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කබීර් හෂීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks