පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
772/’19
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින තුළ ක්‍රියාකාරි අයුරින් ව්‍යාපාරික කටයුතු සිදුකරනු ලබන පෞද්ගලික මූල්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයතන සතු සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණය කොපමණද;
(iii) එම ප්‍රාග්ධන සම්පාදනය කරගත් ආකාරයන් කවරේද;
(iv) එම ආයතන තම මූල්‍ය ක්‍රියාකාරකම් සිදුකරගෙන යාමේදී එම කටයුතු අධීක්ෂණය කිරීමට අධිකාරි බලය ඇති ආයතනය කවරේද;
(v) එම අධීක්ෂණය ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට සෑහීමකට පත්වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2016/2017 වර්ෂවලදී පෞද්ගලික මූල්‍ය ආයතනයක් වන ඊ. ටී. අයි (ETI)මූල්‍ය සමාගමේ කොටස්කරුවන් වෙත වන්දි ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කිරීමක් සිදුකර තිබේද;
(ii) එසේ නම්, එම මුදල කොපමණද;
(iii) පෞද්ගලික මූල්‍ය ආයතනවල ආයෝජනය කළ ගනුදෙනුකරුවන්ට සාධාරණය ඉටු කළ හැකි විකල්ප ක්‍රම කවරේද;
(iv) පෞද්ගලික මූල්‍ය ආයතනයන්හි ආයෝජනය කළ ගනුදෙනුකරුවන්ට මහජන මුදලින් වන්දි ගෙවීම වැරදි පූර්වාදර්ශයක් බව පිළිගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දෙන ලද මුදල් සමාගම් 43ක් හා විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම් 4ක් ක්‍රියාත්මක වේ.
(ii) 2019 මාර්තු වන විට රුපියල් බිලියන 187.8ක් වේ.
(iii) එම ප්‍රාග්ධනය ගෙවා නිමි ප්‍රාග්ධනය, රඳවාගත් ලාභ ඇතුළු සංචිත අරමුදල්වලින් සමන්විත වේ.
(iv) බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම් පිළිවෙළින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ හා 2000 අංක 56 දරන කල්බදු මුල්‍යකරණ පනත මඟින් පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරයි.
(v) ඔව්. අධීක්ෂණය, නියාමනය හා සුපරීක්ෂණ කටයුතු වඩාත් තර කළ හැක.
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) පෞද්ගලික මුල්‍ය ආයතනවල මුදල් ආයෝජනය කිරීම ආයෝජකයන්ගේ කැමැත්ත මත සිදු වන අතර, ඒ සඳහා එළඹෙන්නාවූ ගිවිසුම් අනුව කටයුතු කිරීමට මුල්‍ය ආයතන බැඳී සිටියි. බලපත්‍රලාභී මුදල් සමාගම්වල හා කල්බදු මුල්‍යකරණ සමාගම්වල යහ පැවැත්ම සහ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමන හා සුපරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. කිසියම් හේතුවක් නිසා මූල්‍ය අර්බුදවලට ලක්වන බලපත්‍රලාභී ආයතනවල තැන්පතුකරුවන් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ගෙවීමත් අදාළ නීති යටතේ ඈවර කිරීමෙන් පසුව ලැබෙන මුදල්වලින් ගෙවීම් කටයුතු සිදු කිරීමත් කරනු ලැබේ. ඉහත තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ දැනට එක් තැන්පත්කරුවකු සඳහා රුපියල් 600,000ක මුදලක් ගෙවනු ලබයි.
(iv) ඔව්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks