01

E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0771/2019: කුරුණෑගල දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘති: විස්තර

771/’19

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ උග්‍ර පානීය ජල ගැටලුවක් පවතින බව පිළිගන්නේද;

             (ii)      ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන පානීය ජල ව්‍යාපෘති කවරේද;

           (iii)      පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව දන්නේද;

(iv) එසේ නම්, එමඟින් ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

(v) එම ව්‍යාපෘති කාර්යයන් කඩිනම් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ප්‍රධාන පානීය ජල ව්‍යාපෘති ගණන 14කි.

                        මින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති ගණන 03කි.

1.    අලව්ව, පොල්ගහවෙල, පොතුහැර ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය

2.    දැදුරු ඔය ජලසම්පාදන ව්‍යාපෘතිය

3.     ගලගෙදර - මාවතගම ජලසම්පාදන ව්‍යාපෘතිය

පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත.

1. බිංගිරිය, උඩුබද්දාව ජලසම්පාදන ව්‍යාපෘතිය

2. කටුපොත - බමුණාකොටුව, පඬුවස්නුවර ජලසම්පාදන ව්‍යාපෘතිය

3. මාකඳුර - පන්නල - කුලියාපිටිය ජලසම්පාදන ව්‍යාපෘතිය

4. කුරුණෑගල උතුරු නගර ජලසම්පාදන ව්‍යාපෘතිය

5. ගල්ගමුව ජලසම්පාදන ව්‍යාපෘතිය

6. මැල්සිරිපුර ජලසම්පාදන ව්‍යාපෘතිය

7. රස්නායකපුරට ජල දිගුව ජලසම්පාදන ව්‍යාපෘතිය

8. ඇහැටුවැව අඹන්පොල ජලසම්පාදන ව්‍යාපෘතිය

9. ගිරිඋල්ල දඹදෙණිය, නාරම්මල ජලසම්පාදන ව්‍යාපෘතිය

10. වීරඹූගෙදර ජලසම්පාදන ව්‍යාපෘතිය

11. පොල්පිතිගම ජලසම්පාදන ව්‍යාපෘතිය

(iii) ඔව්.

(iv) 1. පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ග්‍රාම නිලධාරි වසම් 82න් 80ක්

2. අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ග්‍රාම නිලධාරි වසම් 66න් 54ක්

3. මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ග්‍රාම නිලධාරි වසම් 45න් 16ක්

4. කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ග්‍රාම නිලධාරි වසම් 54න් 16ක්

(ආවරණය වන ග්‍රාම නිලධාරි වසම් ඇමුණුම් 1** මඟින්  දක්වා ඇත)

(v) ඔව්. ව්‍යාපෘති කාර්යයන් කඩිනම් කිරීමට ගෙන ඇති පියවරයන් පහත සඳහන් පරිදි වේ.

• ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම හා අනුමැතිය ලබා ගැනීම් කඩිනමින් නිමකර ඇත.

• ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාරිසරික අනුමැතීන් ලබාගෙන ඇත.

• මේ වන විට ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර සමස්ත  ප්‍රගතිය සියයට 46ක් වේ.

• ජල නළ එළීමට නියමිත සියලු මාර්ග සඳහා අදාළ ආයතනයන්ගෙන් අනුමැතිය ලබාගෙන ඇත.

• ප්‍රධාන සම්ප්‍රේෂණ නළ එළීම ආරම්භ කර ඇති අතර එහි ප්‍රගතිය සියයට 36ක් වේ.

• බෙදාහැරීමේ පද්ධතියේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය ජල නළ මේ වන විට ඇණවුම් කර ඇති අතර එයින් කොටසක් ව්‍යාපෘතියට ලැබී ඇත.

• මෙම ව්‍යාපෘතිය 2020 මාර්තු මාසයේදී නිම කිරීමට යෝජිතය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks