01

E   |   த   |  

 දිනය: 2019-04-01   පිළිතුර ලබා දී ඇත 

0681/2019: ශ්‍රීලන්කන් එයාර් ලයින් සමාගම සතු ගුවන් යානා: විස්තර

681/’18

ගරු කනක හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් ගුවන් යානය භාවිතා කර ඇති කාලය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කල්බදු ගිවිසුම් අවසන් වීමෙන් පසු අදාළ සමාගම් වෙත නැවත ලබා දුන් ගුවන් යානා භාවිතා කර ඇති කාලය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) මෙලෙස නැවත ලබා දුන් ගුවන් යානාවලට වඩා පැරණි ගුවන් යානා සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම සතුව කල්බදු ක්‍රමය යටතේ තවමත් භාවිතා කරනු ලබන්නේද;

(iii) එසේ නම්, මෙතරම් පැරණි ගුවන් යානා මෙතෙක් රඳවා ගැනීමට ඇති අවශ්‍යතාවය කවරේද;

(iv) ඒ සඳහා වන නිර්ණායක කවරේද;

යන්නත්  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-01

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගුවන් යානා විසිඅටකි.

              (ii)      ගුවන් යානා කල්බදු කාල සීමාව ආරම්භක හා අවසාන දිනය ඇමුණුමෙහි සඳහන්ව තිබෙනවා. මම ඒක කියවන්නද? 1 සිට 28 දක්වා අංකනය කළ දීර්ඝ ඇමුණුමක් තිබෙන්නේ. කනක හේරත් මන්ත්‍රීතුමාට අවශ්‍ය නම් මම එම ඇමුණුම කියවන්නම්, නැත්නම් එය සභාගත කරලා ඉතුරු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නම්. විස්තර ‍ඔක්කෝම ඇමුණුමෙහි  තිබෙනවා. ඔබතුමාට එහි පිටපතක් ලබා දෙන්න පුළුවන්.

 

මම ඇමුණුම සභාගත* කරනවා. ගරු මන්ත්‍රීතුමාට එහි පිටපතක් ලබා දෙන්නම්.

(ආ) (i) ආපසු භාර දෙනු ලැබූ ගුවන් යානා පිළිබඳ විස්තර පහත දැක්වේ.

ගුවන් යානා වර්ගය

නිෂ්පාදිත දිනය

ගුවන් යානා භාරගත් දිනය

ගුවන් යානා ආපසු භාරදුන් දිනය

4R-ABK (A320)

2005 ඔක්තෝබර්

2010 දෙසැම්බර්

2017 සැප්තැම්බර්

4R-ABP (A320)

2012 අප්‍රේල්

2012 අප්‍රේල්

2018 අප්‍රේල්

(ii) ඔව්.

(iii) ගුවන් යානා සමූහයේ පටුබඳ ගුවන් යානා අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා එකී ගුවන් යානා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ යානා සමූහය තුළ රඳවා ගෙන තිබේ.

(iv) ඉහත (iii) හි සඳහන් අවශ්‍යතාව මත රඳවා ගෙන ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks