04

E   |     |  

 දිනය: 2011-01-20   පිළිතුර ලබා දී ඇත 

0783/2011: Recruitments to the Civil Security Department

0783/’10 ගරු අනෝමා ගමගේ මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 2005 ජනවාරි සිට 2010 මාර්තු 31 දින දක්වා නැගෙනහිර පළාතෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අලුතින් බඳවා ගන්නා ලද භටයන්ගේ සංඛ්‍යාව හා බඳවා ගන්නා ලද දිනයන් දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන් කවරේද; (ii) එසේ බඳවාගත් සිවිල් ආරක්ෂක භට සංඛ්‍යාවෙන් විවිධ අනතුරුවලට ලක්ව මියගිය සහ අබාධිත තත්වයට පත්ව ඇති සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) මියගිය සිවිල් ආරක්ෂක භටයන්ගේ කලත්‍රයන් හා දරුවන් වෙනුවෙන් සහ ආබාධිත තත්වයට පත්වූ අය වෙනුවෙන් රජය මගින් ක්‍රියාත්මක කර ඇති සුභ සාධන සේවාවන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks