01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0619/2019: Remaining work of Gampola - Dolosbage Road

619/’18

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (​i)       මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ, ගම්පොල - දොළොස්බාගේ මාර්ගය මංතීරු දෙකකට පුළුල් කිරීම සඳහා 2012 වර්ෂයේදී වැඩකටයුතු ආරම්භකර මේ වනවිට කුරුඳුවත්තේ සිට වැලිකන්ද දක්වා කිලෝමීටර් 7ක දුරක් කාපට් අතුරා වැඩ අවසන් කර ඇති බවත්;

(​ii) 2015 ජනවාරි සිට පුරා වසර තුන හමාරක කාලය තුළ මෙම මාර්ගයේ කිසිදු වැඩ කටයුත්තක් සිදු නොවූ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) විශාල වාහන ප්‍රමාණයක් හා විශාල ජනතාවක් භාවිතා කරන මෙම මාර්ගයේ ඉතිරි කිලෝමීටර් 4 සඳහා ප්‍රතිපාදන වෙන්කර වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-25

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks