04

E   |     |  

 දිනය: 2011-01-07   පිළිතුර ලබා දී ඇත 

0779/2011: Ladies work abroad as housemaids and in Garment Factories

0779/’10 ගරු අනෝමා ගමගේ මහත්මිය,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) විදේශ රටවල ගෘහ සේවිකාවන් වශයෙන් හා ඇගලුම් කර්මාන්තශාලා සේවිකාවන් වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවන්ගේ සංඛ්‍යාව කොපමණද ; (ii) ඔවුන් අතරින් විවිධ වධහිංසාවලට ලක්ව සිටින සංඛ්‍යාව ‍කොපමණද; (iii) මෙම හේතුව නිසා ආපසු මෙරටට පැමිණ ඇති සහ තවමත් එම රටවල රැඳී සිටින කාන්තාවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) වධහිංසාවන්ට ලක්වෙමින් විදේශයන්හි රැඳී සිටින කාන්තාවන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) වධහිංසාවලට ලක්වීම හේතුවෙන් ආපසු මෙරටට පැමිණ සිටින කාන්තාවන් අතුරෙන් වන්දි ගෙවා ඇති සංඛ්‍යාව කොපමණද; (ii) එසේ ගෙවා ඇති මුළු වන්දි මුදල් ප්‍රමාණය කොපමණද; (iii) වධහිංසාවලට ලක්ව තවමත් විදේශයේ රැඳී සිටින හා මෙරටට පැමිණ සිටින කාන්තාවන් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks