04

E   |     |  

 දිනය: 2019-03-15   පිළිතුර ලබා දී ඇත 

0586/2019: Proposals 209- Budget 2016

586/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැය යෝජනා අංක 209ට අනුව, හම්බන්තොට වරාය හරහා යන මුහුදු මාර්ගයෙහි, වාර්ෂිකව තෙල් නැව් 4,500 ක් ඇතුළු නෞකා 35,000 භාවිතා කරනු ලබන බව සඳහන් කර, ගැඹුරු මුහුදේ තෙල් සැපයීමේ කාර්යයට පිවිසීමට පෞද්ගලික අංශය දිරි ගන්වන බවට යෝජනා කළ බව පිළිගන්නේද;

(ii) උක්ත යෝජනාව ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) උක්ත යෝජනාව අනුව, එකී කාර්යයට බලපත් ලබාදීම සඳහා විනිවිදභාවයෙන් යුත් ලංසු කැඳවීමේ ක්‍රියාවලියක් අනුගමනය කරනු ලැබුවේද;

(iv) ඒ අනුව, ගැඹුරු මුහුදේ තෙල් සැපයීමට බලපත් ලබාගත් පාර්ශ්වකරුවන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-15

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks