පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
584/’19
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 206ට අනුව, 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම පනත මඟින් අපහසුතාවයට පත් කරන ලද ආයෝජකයන්ගේ සහ ව්‍යාපාරවල නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
(ii) 2011 අංක 43 දරන පනත මඟින් අපහසුතාවයන්ට පත් වූ ව්‍යාපාරවලට සහන ලබාදීමට හෝ පහසුකම් ලබාදීමට රජය විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කවරේද;
(iii) උක්ත අයවැය යෝජනාව අනුව, දේශීය හා ගෝලීය ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නව නීති රීති කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
ඇමුණුම සභාගත* කරමි.
(ii) 2011 අංක 43 දරන පනතේ 4 (3) වගන්තිය ප්‍රකාරව ඌන ක්‍රියාකාරී කොටස් හිමිකරු සහ එම වත්කම අයත් හිමිකරුට වන්දි මුදල ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණි.
අමුණා ඇති පනතේ පිටපත සභාගත** කරමි.
(iii) මෙම පනතේ විධිවිධාන අනුව වත්කම් හෝ ව්‍යවසායන් රජය සතුකර ගැනීම තුළින් ආයෝජනයන්ට අහිතකර ක්‍රියාවන් ඇතිවීමට ඉඩ කඩ ඇති බැවින් හා දේශපාලන අගතිගාමී ක්‍රියාවන් සිදුවීමට ඉඩ ඇති හෙයින්, ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා වන නව නීතියක් ගෙන ඒමට අදහස් කර ඇත. ඒ සඳහා නීතිපති හා නීති කෙටුම්පත් සම්පාදක සමඟ සාකච්ඡා කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks