පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
583/’19
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 161ට අනුව, තේ සහ රබර් කර්මාන්තය උනන්දු කරවීම සඳහා, එකී වගාවන්හි නියුතු සමාගම්වලට වසර දෙකක බදු නිදහස් කිරීමක් ලබා දී තිබේද;
(ii) උක්ත යෝජනාවට අනුව, එකී බදු නිදහස ලබා ගත් සමාගම් ලැයිස්තුව ඉදිරිපත් කරන්නේද;
(iii) උක්ත බදු නිදහස ලබා දීමෙන් රජයට අහිමි වූ බදු ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(ආ) 2016.03.04 දිනැති විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2016 අය වැය මඟින් යෝජිත ආදායම් බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබීය.
පිළිතුරු දුන් දිනය
2019-03-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks