04

E   |     |  

 දිනය: 2019-03-08   පිළිතුර ලබා දී ඇත 

0581/2019: ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන: වැය කළ මුදල

581/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැයෙහි අංක 174 යෝජනාවට අනුව, ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන යටතේ අමතර වැඩසටහන් සඳහා වෙන්කළ රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන 2016 වර්ෂය තුළදී වැයකළ ආකාරය පැහැදිලි කරන්නේද;

(ii) උක්ත යෝජනාව අනුව මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් “අමතර වැඩසටහන්” කවරේද;

(iii) මෙම අමතර වැඩසටහන් සඳහා වගකීම දරන ලද ආයතන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) උක්ත අයවැය යෝජනාවට අනුව, 2016 වර්ෂය තුළදී,

(i) පාරිසරික සමතුලිත බව ආරක්ෂා කිරීම;

(ii) තිරසර ඉඩම් කළමනාකරණය;

(iii) ජීව සම්පත් සංරක්ෂණය;

(iv) පරිසර දූෂණය පාලනය;

(v) වන සම්පත ආරක්ෂා කිරීම;

සඳහා වැය කර ලද මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-08

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

               (i)       ඔව්.

                        2016 අය වැයෙහි 174 යෝජනාවට අනුව පරිසර සංරක්ෂණය, මත්ද්‍රව්‍ය නිවාරණය, කෘෂිකර්මය, දරුවන් සුරැකීම යන සියලු ක්ෂේත්‍ර සඳහා රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කළද, මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,400ක් පමණක් ලබා දී ඇත. එම මුදලින් රුපියල් මිලියන 1,256ක මුදලක් වියදම් කර ඇත. ඇමුණුම* 01හි දක්වා ඇත.

(ii)  1. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන

       2. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන

       3. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන

     4. වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන

(iii) ඇමුණුම 02 හි දක්වා ඇත.

(ආ) (i), (ii), (iii), (iv), (v) සඳහා පිළිතුර, ඔව්.  ඇමුණුම 03හි දක්වා ඇත.

(ඇ) අදාළ නොවේ.

ඇමුණුම් සභාගත* කරමි.

පිළිතුරු දුන් දිනය

2019-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks