04

E   |     |  

 දිනය: 2019-03-28   පිළිතුර ලබා දී ඇත 

0566/2019: බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව විසින් ඉදිකරන ලද කඩ කාමර : ටෙන්ඩර් පටිපාටිය

566/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)          බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව විසින් බණ්ඩාරගම නගරයේ ආයුර්වේද බෙහෙත් ශාලාව පවත්වාගෙන යන ලද ස්ථානයේ බදුදීම සඳහා කඩ කාමර ඉදිකරනු ලැබුවේද;

(ii) එසේ නම්, ඉදිකරන ලද කඩ කාමර සංඛ්‍යාව කොපමණද;

(iii) ඒ සඳහා වැය වූ මුදල සහ මුදල් සපයන ලද්දේ කවුරුන් විසින්ද;

(iv) එම කඩ කාමර බදුදීම සඳහා ටෙන්ඩර් කැඳවා ‍තිබේද;

(v) එක් එක් කඩ කාමරය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ තැනැත්තන්ගේ නම, ලිපිනය, කඩ කාමර අංකය සහ ඉදිරිපත් කරන ලද මිල වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එකී ටෙන්ඩරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා,

(i) ගන්නා ලද ක්‍රියාමාර්ග;

(ii) දැන්වීම පළ කරන ලද එක් එක් පුවත්පත, දැන්වීමේ දිනය සහ දැන්වීම් ප්‍රමාණය;

(iii) බැනර්  හෝ දැන්වීම් පුවරු මඟින් ප්‍රදර්ශනය කරන ලද්දේ නම්, එම ස්ථාන;

කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) උක්ත දැන්වීම්වල පිටපත් ඉදිරිපත් කරන්නේද?

(ii) ඉහත ටෙන්ඩර් කැඳවීම සඳහා ප්‍රමාණවත් ටෙන්ඩර්කරුවන් නොසිටි බව පිළිගන්නේද;

(iii) මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා එම කඩ කාමර සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට නිර්දේශ කරන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-28

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)       ඔව්.

              (ii)       09යි.

              (iii)       වැය වූ මුදල රුපියල් 7,249,950කි. (12% වැට් සමඟ)

                         මුදල් සැපයීම - බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පළාත් නැඟුම සංවර්ධන වැඩසටහන - (2014 යටතේ)

              (iv)       ඔව්.

              (v)       කඩ කාමර 09න් අංක 01 දරන කඩ කාමරය බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ආයුර්වේදය සඳහා තබා ගැනීම සුදුසු බවට 2015.05.12 පැවති මාසික මහා සභා රැස්වීමේදී තීරණය කර ඇත. ඒ අනුව කඩ කාමර අංක 02 සිට අංක 09 දක්වා වන ටෙන්ඩර් ඉදිරිපත් කළ තැනැත්තන්ගේ විස්තර ඇමුණුම් අංක 01** මඟින් දක්වා ඇත.

(ආ) (i) දිනමිණ පුවත් පතෙහි දැන්වීමක් පළ කිරීම.

ආසන්න පළාත් පාලන ආයතනවල හා රාජ්‍ය ආයතනවල මෙන්ම පොදු ස්ථානවල දැන්වීම් පළ කිරීම.

(ii) 2015 මැයි 09වැනි දින දිනමිණ පුවත් පතෙහි එක් දැන්වීමක් පළ කර ඇත.

(iii) පළාත් පාලන දෙපාර්තමේන්තුව (බ.ප.)

පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය - කළුතර

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බණ්ඩාරගම

හොරණ නගර සභාව

හොරණ ප්‍රාදේශීය සභාව

(ඇ) (i) දිනමිණ පුවත් පතෙහි ටෙන්ඩර් කැඳවීමට අදාළ දැන්වීමෙහි පිටපතක් ඇමුණුම 02** මඟින් ඉදිරිපත් කර ඇත.

(ii) නැත. එක් එක් කඩ කාමරය සඳහා ලැබුණු ටෙන්ඩර් අයදුම්පත් ප්‍රමාණය පහත පරිදි වේ.

අනු අංකය

කඩ කාමර අංකය

ලැබුණු අයදුම්පත් ප්‍රමාණය

01

02

01

02

03

02

03

04

05

04

05

05

05

06

05

06

07

02

07

08

01

08

09

02

එකතුව

23

 

(iii)   තෝරා ගත් ටෙන්ඩර්කරුවන් වෙත ටෙන්ඩර් ප්‍රදානයන් සිදු කර වසර 05ක කාලයකට අදාළ කඩ කාමර බදු දී ඇති අතර, නැවත ටෙන්ඩර් කිරීමට අවශ්‍යතාවක් පැන නොනඟී.

(ඈ)   අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks