පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
565/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ‘ගොවිසෙත’ ලොතරැයිය ආරම්භ කළ දිනය කවරේද;
(ii) එහි ආරම්භක අරමුණු කවරේද;
(iii) එම ලොතරැයිය ආරම්භයේ සිට මේදක්වා එය අළෙවි කිරීම මඟින් ඉපයූ ආදායම වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම ආදායමෙන් ත්‍යාග වශයෙන් ලබාදුන් මුදල වාර්ෂිකව කොපමණද;
(v) ගොවි ජනතාවගේ සුබසාධනය සඳහා වැයකළ මුදල කොපමණද;
(vi) ඉදිරියේදී වැඩි මුදලක් ගොවි ජනතාවගේ සුබසාධනය සඳහා වැය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-26
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ගොවිසෙත ලොතරැයියේ පළමු දිනුම් ඇදීම 1995.09.20 දින සිදුකර ඇත.
(ii) ගරු කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා ඉදිරිපත් කළ 1993.10.22 දිනැති සන්දේශය හා ගරු කෘෂිකර්ම ඉඩම් හා වන සම්පත් ඇමතිතුමා ඉදිරිපත් කළ 1995.06.18 දිනැති සන්දේශයන් සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගොවිසෙත නමින් ලොතරැයියක් 1995 වසරේදී හඳුන්වා දෙන ලදී. මෙම ලොතරැයියේ පරමාර්ථය නම්, ගොවීන්ගේ භාරකාර අරමුදලට අරමුදල් උපයා දීමයි. එමඟින් කෘෂිකාර්මික අභිවෘද්ධිය සහ සුළු ගොවීන්ගේ සුභසාධනය නඟා සිටුවීම සඳහා ඔවුන්ට මූල්‍යමය ආධාර ලබා දීම මෙහි අරමුණ වී ඇත.
(iii) ආරම්භයේ සිට මේ දක්වා ගොවිසෙත ලොතරැයියේ අළෙවි ආදායම හා ඒකාබද්ධ අරමුදල හරහා ගොවීන්ගේ භාරකාර අරමුදලට බැර කරන ලද ප්‍රමාණය පහත පරිදි වේ.
|
වර්ෂය |
අළෙවි ආදායම (රුපියල්) |
ඒකාබද්ධ අරමුදල හරහා ගොවීන්ගේ භාරකාර අරමුදලට දායකත්වය (රුපියල්) |
|
1995 |
58,608,420.00 |
10,549,515.60 |
|
1996 |
241,038,000.00 |
43,386,840.00 |
|
1997 |
368,613,600.00 |
66,350,448.00 |
|
1998 |
390,068,200.00 |
70,212,276.00 |
|
1999 |
375,639,160.00 |
67,213,798.80 |
|
2000 |
457,904,800.00 |
82,321,164.00 |
|
2001 |
593,359,800.00 |
106,804,764.00 |
|
2002 |
776,698,800.00 |
138,741,087.87 |
|
2003 |
1,067,860,800.00 |
191,211,312.00 |
|
2004 |
900,382,200.00 |
162,068,796.00 |
|
2005 |
961,119,000.00 |
155,132,079.00 |
|
2006 |
902,597,800.00 |
126,395,202.00 |
|
2007 |
932,490,500.00 |
95,526,263.00 |
|
2008 |
965,580,100.00 |
91,032,445.00 |
|
2009 |
1,106,726,120.00 |
110,672,612.00 |
|
2010 |
1,148,930,400.00 |
114,893,040.00 |
|
2011 |
1,285,523,000.00 |
128,552,300.00 |
|
2012 |
1,622,118,600.00 |
162,211,860.00 |
|
2013 |
1,962,201,080.00 |
196,220,108.00 |
|
2014 |
2,552,142,200.00 |
255,214,220.00 |
|
2015 |
4,510,796,200.00 |
451,079,620.00 |
|
2016 |
4,011,269,600.00 |
401,126,960.00 |
|
2017 |
4,053,192,100.00 |
401,768,152.00 |
|
2018 |
6,634,857,840.00 |
663,485,784.00 |
(iv) 1995 සිට 2005 වර්ෂය දක්වා සියලුම ලොතරැයි සඳහා වෙන් කළ ත්‍යාග මුදල පොදු ගිණුමක ඇතුළත්ව ඇත. 2006 වර්ෂයේ සිට 2018 දක්වා ගොවිසෙත ලොතරැයියේ ත්‍යාග වශයෙන් වෙන් කළ මුදල පහත පරිදි වෙන් වෙන් වශයෙන් දැක්විය හැක.
|
වර්ෂය |
ත්‍යාග වශයෙන් වෙන් කළ මුදල (රුපියල්) |
|
2006 |
460,324,878.00 |
|
2007 |
475,570,155.00 |
|
2008 |
492,445,851.00 |
|
2009 |
546,949,219.00 |
|
2010 |
550,367,835.00 |
|
2011 |
604,195,810.00 |
|
2012 |
762,395,742.00 |
|
2013 |
922,352,768.00 |
|
2014 |
1,199,509,834.00 |
|
2015 |
2,120,074,214.00 |
|
2016 |
1,885,296,712.00 |
|
2017 |
1,888,310,156.00 |
|
2018 |
3,118,015,865.00
(v) ගොවි ජනතාවගේ භාරකාර අරමුදල සඳහා දැනට ගොවිසෙත ලොතරැයියේ ආදායමෙන් සියයට දහයක ප්‍රමාණයක් ලබා දෙනු ලබයි. (vi) ගොවිසෙත ලොතරැයියේ අළෙවි ප්‍රගතිය මත කෘෂිකර්ම අමාත්‍යාංශය හා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරි කටයුතු සිදු කරමින් පවතියි.
(ආ) පැන නොනඟී.
|
(v) ගොවි ජනතාවගේ භාරකාර අරමුදල සඳහා දැනට ගොවිසෙත ලොතරැයියේ ආදායමෙන් සියයට දහයක ප්‍රමාණයක් ලබා දෙනු ලබයි.
(vi) ගොවිසෙත ලොතරැයියේ අළෙවි ප්‍රගතිය මත කෘෂිකර්ම අමාත්‍යාංශය හා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරි කටයුතු සිදු කරමින් පවතියි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-09-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks