04

E   |     |  

 දිනය: 2019-03-11   පිළිතුර ලබා දී ඇත 

0564/2019: කුරුණෑගල රෝහලේ තැලසීමියා රෝග නිවාරණ ඒකකය: මානව සහ භෞතික සම්පත්

564/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අද වනවිට වයඹ පළාතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තැලසීමියා රෝගීන් වාර්තා වී ඇති බව පිළිගන්නේද;

            (ii)       එම රෝගීන් වෙනුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජාතික තැලසීමියා මධ්‍යස්ථානයට අයත් තැලසීමියා රෝග නිවාරණ ඒකකය මඟින් විශාල සේවාවක් සිදුවන බව දන්නේද;

(iii) එහෙත් එම ඒකකයට අවශ්‍ය මානව සම්පත් සහ වාහන ඇතුළු වෙනත් භෞතික සම්පත් ප්‍රමාණාත්මකව ලැබී නොමැති බව දන්නේද;

(iv) එම ඒකකයට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-11

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       ඔව්.

              (ii)       ඔව්.

              (iii)       තැලසීමියා ඒකකය සඳහා මානව සම්පත් ලබා දීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා පහත කාර්ය මණ්ඩල පත් කර ඇත.

                         කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි පිහිටා ඇති ජාතික තැලසීමියා ඒකකයේ සේවා රෝහලෙහි ගිලන් රථ/වාහන යොදාගනිමින් සිදු කරනු ලබයි.

              (iv)       ජාතික තැලසීමියා මධ්‍යස්ථානය සඳහා pharmaceutical refrigerator එකක් මිලදී ගැනීම සඳහා රුපියල් 2,185,000.00(විසිඑක්ලක්ෂ අසූපන්දහස) ක් ලබා දී ඇත.

ජාතික තැලසීමියා මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් 3,640,071.90 (තිස්හයලක්ෂ හතළිස්දහස් හැත්තෑඑකයි සත අනූව) ක් ලබා දී ඇත.

ජාතික තැලසීමියා මධ්‍යස්ථානය සඳහා Molecular Laboratory එකක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් 7,197,000.00 (හැත්තෑඑක්ලක්ෂ අනූහත්දහස)ක් ලබා දී ඇත.

අන්වීක්ෂයක් මිලදී ගැනීම සඳහා රුපියල් 255,000.00(දෙලක්ෂ පනස්පන් දහස)ක් ලබා දී ඇත.

තැලසීමියා ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන ඖෂධ, නික්ෂේපණ, නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අඩුපාඩුවකින් තොරව ලබා දී ඇත.

එම ඒකකය පුළුල් කිරීමට යෝජිත මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා විස්තරාත්මක ඇස්තමේන්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ උපදේශක කාර්යාංශය වෙතින් ලබා දී ඇති අතර, එම ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-03-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks