පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
549/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලි/කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය නමින් ජාතික පාසලක් තිබෙන බවත්;
(ii) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ජාතික පාසල් දෙක අතරින් එක් පාසලක් වන මෙහි ගුරු හිඟය, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ හිඟය, ඩෙස් පුටු හිඟය හා වෙනත් සම්පත් හිඟයන්ගෙන් යුක්තව ක්‍රියාත්මක වන විද්‍යාලයක් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එකී පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;
(ii) මෙම විද්‍යාලයේ පවතින අනධ්‍යන කාර්ය මණ්ඩලයෙහි පුරප්පාඩු පිරවීම සඳහා මේ දක්වා කටයුතු නොකිරීමට හේතු කවරේද;
(iii) මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර සිටීම තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කළ නොහැකි බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම පාසලෙහි ගොඩනැගිලි අවශ්‍යතාවයන් සපුරනු ලබන දිනය කවරේද;
(ii) ඩෙස් පුටු හිඟය මුළුමනින්ම සපුරනු ලබන දිනය කවරේද;
(iii) මෙම පාසලෙහි කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-16
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්
(ii) මීට පෙර අදාළ පාසලේ විදුහල්පති විසින් පාසලේ මානව හා භෞතික සම්පත් ඌනතාවන් සම්බන්ධව වාර්තා කර නැත.
(ආ) (i) විදුහල්පති - එම්. රවීන්ද්‍රන් මයා
නියෝජ්‍ය විදුහල්පතිවරු - එස්. කානේස්වරනාදන් මයා - ටී. ධර්මරාජා මයා
අධ්‍යයන කාර්ය මණ්ඩල නාම ලේඛනය - ඇමුණුම 01 **
අනධ්‍යයන කාර්ය මණ්ඩල නාම ලේඛනය - ඇමුණුම 02 **
(ii) ජාතික පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව මත අවශ්‍ය පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇත. දැනට මෙහි පාසල් කම්කරුවන් තිදෙනෙක් (03), මුරකරුවන් තිදෙනෙක් (03), රසායනාගාර සහකාර තිදෙනෙක් (03) හා සනීපාරක්ෂක කම්කරුවන් දෙදෙනෙක් (02) ආදී වශයෙන් සේවය කරනු ලබයි.
අවශ්‍ය පුරප්පාඩු පිරවීමට කටයුතු සිදු කළද, වෙනත් හේතූන් නිසා එම පාසල්වල සේවක සංඛ්‍යාවේ ඌනතාවක් මතු වී ඇත. ඌන සේවක සංඛ්‍යා සඳහා නව බඳවා ගැනීම් සිදුකරන අවස්ථාවේදී පුරප්පාඩු පිරවීමට කටයුතු කෙරේ.
(iii) දැනට පවතින ඌනතාවන් පිළිබඳව විදුහල්පතිවරයා දැනුම් දුන් පසු, ඉදිරියේදී ඒවා සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) (i) 2015 වර්ෂයේ සිට මෙම පාසලට පහත සඳහන් ගොඩනැඟිලි ලබා දී ඇත.
• විදුහල්පති නිල නිවස
• මහල් තුනකින් යුත් පන්ති කාමර ගොඩනැඟිල්ලක් සාදමින් පවතී.
වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදනවලින් සෑම පාසලකම අවශ්‍යතා සපුරාලීමට හැකි වන පරිදි ගොඩනැඟිලි ලබා දීම සිදු කෙරේ.
(ii) ප්‍රතිපාදන ලැබෙන ආකාරය අනුව සිදු කෙරේ.
(iii) ඔව්.
උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ, රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනවල සේවය කරනු ලබන සංවර්ධන සහකාර, මූල්‍ය/සැලුසම් සහකාර සහ සංවර්ධන නිලධාරින්, ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට තරග විභාගයක් පවත්වා සුදුසුකම් ලැබූවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණය ද පවත්වා ඇත. කිළිනොච්චි දිස්ත්‍රික්කයේ, කිළි/කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ, භූගෝලය හා පුරවැසි අධ්‍යාපනය යන විෂයයන් සඳහා පුරප්පාඩු එකක් පවතින අතර, එම පුරප්පාඩුව ඉහත සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන අයගෙන් පත්කිරීමට කටයුතු කරනු ලැබේ.
13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ 2018 වර්ෂයේදී උතුරු පළාතේ ජාතික පාසල් සඳහා උපාධිධාරි ගුරුවරුන් 53ක් පත් කළ අතර, එහිදී කිළි/කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති ගුරු පුරප්පාඩු සඳහා, ශිල්ප කලා විෂයය සඳහා එක් ගුරුවරයෙකුත් අභ්‍යන්තර නිර්මාණකරණය විෂයය සඳහා එක් ගුරුවරයෙකුත් වශයෙන් ගුරුවරුන් දෙදෙනෙක් පත් කරන ලදී.
13 වසරක සහතික කරන ලද ඇතැම් වෘත්තීය විෂයයන් සඳහා සුදුසුකම් ලත් උපාධිධාරින් ප්‍රමාණවත් තරම් නොමැති බැවින්, ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති අතර, එම අනුමැතිය ලද පසු බඳවා ගැනීමට කටයුතු කරනු ඇත. ඒ අනුව 2019 වර්ෂයේදී ද උක්ත වැඩසටහන යටතේ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ.
අවසාන වසරේ සීමාවාසික පුහුණුව ලබන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අපේක්ෂකයින් 4,489ක් සිටී. ඔවුන් අතරින් අවසන් විභාගය සමත්වන ඩිප්ලෝමාධාරින්ගෙන්, 2019 වර්ෂයේ පාසල්වල තෙවන අධ්‍යයන වාරය ආරම්භයේදී උතුරු පළාතේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව සලකා බලා, ජාතික හා පළාත් පාසල් සඳහා එම ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ. එහිදී මෙම පාසලේ පුරප්පාඩු තිබේ නම්, අදාළ පුරප්පාඩු සඳහා ද එම ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ.
(ඈ) ඉහත ඇ (iii) හි ප්‍රශ්නයට අදාළ පිළිතුරු අනුව උතුරු පළාත තුළ උපාධිධාරි හා විද්‍යාපීඨ ගුරු හිඟය පියවීමට කටයුතු කිරීමේදී උක්ත පාසලේ ද පුරප්පාඩු පිරවීමට කටයුතු කළ හැකි බැවින් ගැටලුවක් ඇති නොවන බව දන්වමි.
පිළිතුරු දුන් දිනය
2019-03-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks