පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
546/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ, අර්ධද්වීප කලාපයේ, එලුවයිතිවු නමැති දූපතෙහි පිහිටි පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම දූපතෙහි පිහිටි සරවනබවා විදුහලෙහි අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට සූදානම් ශිෂ්‍යයන් එම විදුහලේ වාර විභාග සඳහා පෙනී සිටින අවසන් ශ්‍රේණිය කවරේද;
(iii) දැනට එම ශිෂ්‍යයන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටිනු ලබන විදුහල කවරේද;
(iv) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය එලුවයිතිවුහි පැවැත්වීමට ඇති බාධක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-08
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පාසල් 02කි.
(ii) යා/එලුවයිතිවු දූපතේ සරවනබවා විද්‍යාලය නමින් පාසලක් නොමැති බවත්, යා/එලුවයිතිවු රෝමානු කතෝලික විද්‍යාලය (අදියර III) හා යා/එලුවයිතිවු මුරුගාවෙල් විද්‍යාලය නමින් පාසල් 02ක් ඇති බවත් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත. තවද යා/එලුවයිතිවු මුරුගාවෙල් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් තෙවන වාර විභාගය සඳහා පෙනී සිටින බවත් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් විසින් වැඩිදුරටත් දන්වා ඇත.
(iii) 2018 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වූ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා යා/එලුවයිතිවු මුරුගාවෙල් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9 දෙනෙක් (ශිෂ්‍යාවන් 8ක් හා එක් ශිෂ්‍යයෙක්) යා/කයිට්ස් ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී පෙනී සිටි බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත.
(iv) ඔව්.
* 2018 වසරේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව අවම වීම.
* විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීමේ කටයුතු හා පිළිතුරු පත්‍ර එකතු කිරීමේ කටයුතු සමුද්‍ර ප්‍රවාහන මාර්ග ඔස්සේ කිරීමට සිදු වීම.
* එලුවයිතිවු දූපත ඇතුළත වෙනම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු වීම.
යනාදි හේතු අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය එලුවයිතිවුහි පැවැත්වීමට ඇති බාධක වශයෙන් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks