පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
539/’19
ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහජන බැංකුවේ සේවා දිගු ලබාදීමේ ප්රතිපත්තිය අනුව වයස අවුරුදු 60 දක්වා සේවා දිගු ලබා දෙන බවත්;
(ii) කළමනාකාරිත්වය මෙම සේවා දිගු ලබාදීමේ ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේදී බැංකුවේ දූෂණ හෙළිදරව් කළ වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නා බවත්;
(iii) ඒ අනුව, මහජන බැංකුව ඩිජිටල්කරණය පිළිබඳව විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් ඉල්ලා සිටි ලංකා බැංකු සේවක සංගමයේ, මහජන බැංකු ශාඛාවේ, හිටපු සභාපති එස්. කේ. ඩී. හේවාපතිරණ මහතාට ලබාදී තිබූ වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස් කිරීම මුලින්ම අවලංගු කරන ලද බවත්;
(iv) ඉන්පසුව ඔහු ඉල්ලා සිටි සේවා දිගුව ලබා නොදී ඔහු විශ්රාම ගැන්වීමට කළමනාකාරිත්වය කටයුතු කර ඇති බවත්;
(v) ඔහු ඉල්ලා සිටි පරීක්ෂණය ද සිදු නොකළ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) හේවාපතිරණ මහතා ඉල්ලා සිටි සේවා දිගුව ලබා දෙන්නේද;
(ii) එසේ නම් එම දිනය කවරේද;
(iii) හේවාපතිරණ මහතා ඉල්ලා සිටි පරීක්ෂණය සිදු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-29
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්යාංශය
මුදල්
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මහජන බැංකුව තුළ ක්රියාත්මක වනුයේ බැංකු අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සේවා දිගු ප්රතිපත්තියකි. එම සේවා දිගු ප්රතිපත්තිය අනුව සේවකයෙකුගේ විශ්රාම වයස අවුරුදු 55ක් වේ. බැංකුවේ සාමාන්යාධිකාරි සහ / හෝ අධ්යක්ෂ මණ්ඩලය සිය අභිමතය පරිදි සේවකයෙකුගේ වයස අවුරුදු 55 සිට අනිවාර්ය විශ්රාම වයස වන අවුරුදු 60 දක්වා නිශ්චිත කාල සීමාවකට (උපරිමය වසරකි) පහත සඳහන් කරුණු මත පදනම්ව සේවා දීර්ඝ කිරීම් සලකා බලනු ලැබේ.
1. අනාගත කාර්ය අවශ්යතා / බැංකුවේ ව්යාපාරික වුවමනාවන්.
2. අවවාද කිරීම් / තරවටු කිරීම් හෝ තරයේ අවවාද කිරීම් / තරයේ තරවටු කිරීම් යන විනය පියවරයන් බලපවත්නා කාලය තුළ සේවකයෙකු සේවා කාලය දීර්ඝ කිරීම සඳහා සුදුසුකම් නොලබයි.
3. අපේක්ෂිත සේවා දීර්ඝ කිරීම් කාලය තුළ ඉහළ වගකීම් දැරීමට සේවකයා සතු හැකියාව සහ තිබිය හැකි විභවතාව.
4. සේවකයා වෙත යහපත් කාර්ය සාධන වාර්තා තිබීම සම්බන්ධව කළමනාකාරිත්වය සෑහීමට පත්වීම.
5. සේවයේ හදිසි අවශ්යතා.
6. සේවකයින් විශ්රාම නොයෑමත්, නිරන්තරයෙන් උසස්වීම් ක්රියාත්මක නොවීම හේතුවෙන් මතුවන රැඳවුම් පිරිවැය.
(ii) සේවා දිගු ලබා දීමේ ප්රතිපත්තිය මත පදනම්ව සේවා දිගු ලබා දීම සිදු කරන බැවින් එවැන්නක් සිදු කොට නොමැත.
(iii) ලංකා බැංකු සේවක සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අප බැංකුවේ දැනට විශ්රාමික සේවකයෙකු වන එස්.කේ.ඩී. හේවාපතිරණ යන අය 2015.07.15 දිනැති ලිපියෙන්, 2015.04.02 දින සිට ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ උප සභාපති තනතුර දරන කාලය තුළ පහත සඳහන් කොන්දේසිවලට යටත්ව වෘත්තීය සමිති කටයුතු සඳහා බැංකු රාජකාරිවලින් පූර්ණකාලීනව නිදහස් කිරීමට කටයුතු කර ඇත.
· බැංකුවේ අවශ්යතාව පරිදි පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක ආපසු සේවයට කැඳවිය හැකිය.· අතිකාල දීමනා, යැපීම් සහ නවාතැන් ගාස්තු, ගමන් ගාස්තු හෝ වෙනත් ගාස්තු සඳහා හිමිකම් කිව නොහැක.· වැටුප්, පාරිතෝෂික දීමනා, වෛද්යාධාර සහ පවත්නා රෙගුලාසි යටතේ ඉතිරි නිවාඩු සඳහා මුදල් ලබා ගැනීමට අවකාශ ඇත.· සංගමය මඟින් විධිමත්ව පවත්වාගෙන යනු ලබන පැමිණීමේ ලේඛනයක සේවයට පැමිණීම වාර්තා කළ යුතුය.· නිදහස් කර ඇති කාලය තුළ සාමාන්ය සේවකයින්ට ලබා දී ඇති පරිදි ප්රයෝජනයට නොගත් වරප්රසාද හා අසනීප නිවාඩු ඉදිරි වර්ෂයන්හි ප්රයෝජනයට ගැනීම සඳහා ඉදිරියට ගෙන යෑමට අවකාශ ඇත.
පූර්ණකාලීනව නිදහස් කර සිටි එස්.කේ.ඩී. හේවාපතරණ මහතා, 2015.07.15 දිනැති ලිපියේ කොන්දේසිවලට අනුව 2017.04.19 දිනැති ලිපියෙන් නැවත සේවයට කැඳවීමට කටයුතු කර ඇත. ඒ අවස්ථාවේදී හේවාපතිරණ මහතා සමඟ මහජන බැංකුවේ තවත් සේවකයින් 06දෙනෙකු ලංකා බැංකු සේවක සංගමයේ වෘත්තීය සමිති කටයුතු සඳහා පූර්ණකාලීනව නිදහස් කොට සිටි අතර, ඒ සියලුදෙනාම නැවත බැංකු සේවය සඳහා කැඳවන ලදී.
(iv) එස්.කේ.ඩී. හේවාපතිරණ යන අය විසින් 2018.02.24 දින සිට 2019.02.23 දින දක්වා වසරක කාලයක් සඳහා සේවා දිගුවක් අයදුම් කර තිබුණද, බැංකුවේ බලපවත්නා සේවා දිගු ප්රතිපත්තිය අනුව සපුරාලිය යුතු අවශ්යතාවන් සම්පූර්ණ කොට නොතිබූ බැවින් අපේක්ෂිත සේවා දිගුව එම අයට ලැබී නොමැත.
(v) එස්.කේ.ඩී. හේවාපතිරණ යන අය විසින් කිසිදු පරීක්ෂණයක් කිරීම සඳහා ඉල්ලීමක් කර නොමැත. එසේ වුවත්, "ඩිජිටල්කරණය සඳහා වන වියදම් හරහා ඇති වූ ආන්දෝලනය" යන මැයෙන් ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාව විසින් 2016.09.26 දිනැතිව නිකුත් කරන ලද විවරණිකාවක් මඟින් මෙම වියදම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමේ අවශ්යතාව සඳහන් කොට ඇත.
ඩිජිටල්කරණ ක්රියාවලිය සම්බන්ධයෙන් රාජ්ය ව්යවසාය සංවර්ධන අමාත්යාංශය විසින් පත් කරන ලද කමිටුවක් මඟින් ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට, එම ක්රියාවලියේ කිසිදු වංචාවක් / අක්රමිකතාවක් නොමැති බවට තහවුරු කර ඇති අතර, එම වාර්තාව පාර්ලිමේන්තු මහ ලේකම්තුමා වෙතද ඉදිරිපත් කිරීමට ගරු අමාත්යතුමා විසින් කටයුතු කර ඇති බව ව්යවසාය සංවර්ධන අමාත්යාංශයේ අතිරේක ලේකම්ගේ 2016.12.16 දිනැති ලිපියෙන් බැංකුව වෙත දැනුම් දී ඇත.
(ආ) (i) මෙම අය 2018.02.24 දින විශ්රාම ලබා ඇත.
(ii) ඉහත අ (iv) පිළිතුර මේ සඳහා අදාළ වේ.
(iii) රාජ්ය ව්යවසාය සංවර්ධන අමාත්යාංශය විසින් පත් කරන ලද කමිටුවක් මඟින් ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට ඇති අතර, ඉහත අ (v) පිළිතුර මේ සඳහා අදාළ වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-29
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks