01

E   |   த   |  

 දිනය: 2019-03-22   පිළිතුර ලබා දී ඇත 

0536/2019: 'රජ දිනුම' ලොතරැයි දිනුම් ඇදීම : වංචාව

536/’19

ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මහජන සම්පත ‘රජ දිනුම’ නමින් ලොතරැයි දිනුම් ඇදීමක් සිදුකරන බවත්;

             (ii)      එම ලොතරැයියේ 3328 වැනි දිනුම් ඇදීමෙන් අලුත්ම හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලබා දෙන බවට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ප්‍රචාරක දැන්වීමක් පළ කළ බවත්;

(iii) එම දිනුම් ඇදීමේදී උඩුදුම්බර, මඩුගල්ල, කලමුන පදිංචි කේ. ඩබ්ලිව්. ජී. බී. කපුකොටුව මහතා මෝටර් රථය ජයග්‍රහණය කළ බවත්;

(iv) එම මෝටර් රථය 2017.01.25 දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී කපුකොටුව මහතාට භාරදුන් බවත්;

(v) වාහනයේ ලියාපදිංචි සහතිකය පරීක්ෂා කිරීමේදී ඒ මහතාට ලබාදී ඇත්තේ අලුත් (Brand New) මෝටර් රථයක් නොව පාවිච්චි කර අලුත්වැඩියා කරන ලද (Reconditioned) මෝටර් රථයක් බවත්;

(vi) මේ ගැන ජාතික ලොතරැයි මණ්ඩලයට පැමිණිලි කළද, කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මෙම වංචාව සිදුකළ අයට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නේද;

(ii) කපුකොටුව මහතාට නව මෝටර් රථයක් ලබාදීමට පියවර ගන්නේද;

(iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-22

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඔව්.

(ii) ඔව්.

(iii) ඔව්.

උඩුදුම්බර, මඩුගල්ල, කලමුන පදිංචි කේ. ඩබ්ලිව්. ජී. බී. කපුකොටුව මහතා එම මෝටර් රථය ජයග්‍රහණය කර ඇත.

(iv) ඔව්.

එම මෝටර් රථය 2017 .01.25වන දින එම ජයග්‍රාහකයාට බාරදී ඇත.

(v) නැත. මේ ත්‍යාගය සඳහා මෝටර් රථය මිලදී ගැනීමේදී අදාළ දේශීය නියෝජිත ආයතනය වෙතින් ඍජුව මිලදී ගෙන ඇත.

(vi) මේ ජයග්‍රාහකයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජේ.එම්.යූ.ඩබ්ලිව්.බී. රඹුක්වැල්ල මහතා මඟින් 2017.08.08වන දින Letter of Demand එවා ඇත. එයට 2017.09.04වන දින උක්ත මෝටර් රථය මිලදී ගැනීමට අදාළ සියලු තොරතුරු ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දී ඇත.

(ආ) (i) පැහැදිලි වූ කරුණු අනුව එසේ වංචාවක් සිදුවී නොමැති බව නිරීක්ෂණය වේ. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර විධිමත් පරිදි වාහනය මිලදී ගැනීමට කටයුතු කර ඇත.

(ii) එම මෝටර් රථය වෙනුවට නව මෝටර් රථයක් ලබාදීමට හැකියාවක් නොමැත.

(iii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks