02

E   |     |  

 දිනය: 2019-03-14   පිළිතුර ලබා දී ඇත 

0533/2019: මනෝවිද්‍යා උපදේශන ගුරුවරු: පත්වීම්

533/’19

ගරු බිමල් රත්නායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ම‍නෝ උපදේශනය සඳහා විධිමත් පුහුණුවක් සහිත ගුරුවරුන් 2753ක් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාකරන බවට 2017 ජනවාරි මාසයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පුවත් පළවූ බවත්;

(ii) 2017.08.11 දින ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාද ඒ බව තහවුරු කරමින් ප්‍රකාශයක් කළ බවත්;

(iii) මේ වනවිට දර්ශනය හා මනෝවිද්‍යාව හදාරන ලද උපාධිධාරින් විශාල සංඛ්‍යාවක් රැකියා විරහිතව සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මාධ්‍ය වාර්තා අනුව මනෝවිද්‍යා උපදේශන ගුරුවරුන් 2753ක් බඳවා ගැනීමට  ක්‍රියාකරන්නේද;

(ii) එසේ නම්, එම බඳවා ගැනීම් සිදු කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-14

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඔව්.

(ii) නොදනී.

(iii) නොදනී.

(ආ) (i) ඔව්.

(ii) පාසල් ශිෂ්‍ය උපදේශන කාර්ය සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අංක 2017/ED/E/07 හා 2017.03.22 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අංක අමප/17/0653/742/009 හා 2017.05.31 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, "දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් ශිෂ්‍ය උපදේශන කාර්යය සඳහා උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 -1 ශ්‍රේණියට බඳවා ගැනීම" සඳහා, අංක 2082 හා 2018.07.26 දිනැතිව ගැසට් නිවේදනයක් ප්‍රසිද්ධ කොට 2018.11.25 දින විභාග කොමසාරිස් ජනරාල් විසින් තරග විභාගයක් පවත්වා ඇත.

එහි ප්‍රතිඵල ලද පසු ගුරු සේවාවේ ව්‍යවස්ථාව අනුව සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා අදාළ බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks