04

E   |     |  

 දිනය: 2019-05-09   පිළිතුර ලබා දී ඇත 

0520/2019: recruitment of teachers and establishing teachers' quarters

520/’19

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දිවයිනේ ඇති මුළු රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද; 

             (ii)      දිවයිනේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව කොපමණද;

           ‍(iii)      වර්ෂ 2015 සිට 2017 දක්වා ජාතික පාසල් සඳහා බඳවා ගත් ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(iv) වර්ෂ 2015 සිට 2017 දක්වා පළාත් පාසල් සඳහා බඳවා ගත් ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(v) 2016 වර්ෂයේ මුල් භාගය තුළ බාහිර හා අභ්‍යන්තර ඇගයීම් පද්ධති මඟින් ඇගයීමට ලක් කළ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2016 අයවැයෙන් ග්‍රාමීය හා ප්‍රාදේශීය පාසල්වල ගුරු නිල නිවාස/විවේකාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් වෙන් කළ මුදල කොපමණද;

 

 

(ii) එම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-09

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks