පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
517/’19
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018 වර්ෂයේ මුල් කන්නයේදී බස්නාහිර පළාතේ වගා කරන ලද මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) බස්නාහිර පළාතේ වගා නොකර පුරන් වූ කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(iii) එම වගා නොකර පුරන් වූ කුඹුරුවලින් රටට අහිමි වන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වගා කරන ලද එහෙත් වගා හානි වූ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) එම හානි නැවත වරක් ඇති නොවීමට/අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) වගා හානිවීම හේතුවෙන් අසරණ වූ ගොවියන්ට හානිපූර්ණය ලබා දෙනු ලබන දිනය කවදාද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) වගා නොකරන කුඹුරු වෙනත් ආර්ථික කටයුත්තකට යෙදවීමට අවසර ලබා දෙන්නේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද;
(iii) එම අධ්‍යයනයේ අන්තර්ගතය කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-07
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 13,306.84.
(ii) හෙක්ටෙයාර 13,201.55.
(iii) පුරන් කුඹුරු වගා කළේ නම්, දළ වශයෙන් මෙට්‍රික්ටොන් 9,720ක අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ඇත.
(ආ) (i) හෙක්ටෙයාර 1,108.94.
(ii) 1. කෘමි හානි / පළිබෝධ හානි අවම කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් හරහා ගොවි සංවිධාන වෙත යැවීම මඟින් ගොවීන් දැනුවත් කිරීම.
2. වගා හානි තර්ජනයේදී හානියේ ස්වභාවය අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එම හානි අවම කර ගැනීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීම.
3. නියඟය හා ගංවතුර හානි වළක්වා ගැනීම සඳහා 2017, 2018 වසරවල වැව් අමුණු පිළිසකර කර ගැනීම තුළින් ජල සංරක්ෂණ සඳහා 2018 වසරේ මිලියන 133ක් වියදම් කර ව්‍යාපෘති 186ක්ද, 2017 වසරේ මිලියන 207ක්ද වියදම් කර ව්‍යාපෘති 266ක් නිම කර ඇත.
4. 2018 වසර තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා ගොවි සංවිධාන දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇත.
5. පුරන් කුඹුරු වගා කිරීම ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ 2017 වසරේ පුරන් කුඹුරු අක්කර 4,915ක්ද, 2018 වසරේ අක්කර 2,907ක්ද ලෙස බස්නාහිර පළාත තුළ සංවර්ධනය කර ඇති අතර, වාර්ෂිකව මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
(iii) 2018 යල කන්නයට අදාළ වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ලැබී ඇති බැවින් වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදල් නිදහස් කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර, 2019.08.15වෙනි දින වන විට ගෙවීම අවසන් කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගොවි පවුල් 1,913ක් සඳහා රුපියල් 26,911,899.00ක (දෙකෝටි හැටනවලක්ෂ එකළොස්දහස් අටසිය අනූනවයයි.) මුදලක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) (i) කෘෂිකාර්මික කටයුත්තක් හැර වෙනත් ආර්ථික කටයුත්තක් සඳහා අවසර ලබා නොදෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් වාර්තා කර ඇත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks