පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
512/’19
ගරු විමලවීර දිසානායක මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර නගරයේ පිහිටි මෙතෝදිස්ත දේවස්ථානය ස්ථාපිත කර වසර හැත්තෑවක් වන බවත්;
(ii) ආගමික සිද්ධස්ථානයක් ලෙස එම සිද්ධස්ථානය පිහිටි ඉඩම සඳහා නීත්‍යානුකූල ලියවිල්ලක් මෙතෙක් ලබා දී නොමැති බවත්;
(iii) 2009 වර්ෂයේ සිට එම දේවස්ථානය සඳහා දීර්ඝ කාලීන බදුකරයක් ඉල්ලා අවශ්‍ය ලේඛන සකස් කර ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්;
(iv) එම ඉල්ලීම පිළිබඳව සියලු ලේඛන අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය මඟින් ඉඩම් කොමසාරිස් ජනරාල් කාර්යාලයට යවා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඒ අනුව, දහස් ගණන් ජනතාවගේ ආගමික වත්පිළිවෙත් සිදු කෙරෙන මෙම දේවස්ථානයට දිගුකාලීන ඉඩම් බලපත්‍රයක් ලබා දීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-08
අසන ලද්දේ
ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මෙතෝදිස්ත දේවස්ථානය පිහිටා ඇති බව පිළිගනිමි.
(ii) ඈවර කිරීමට ලක් වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසින් මෙතෝදිස්ත දේවස්ථානය පවත්වාගෙන යාම සඳහා දීර්ඝ කාලීන බදු ලබා දී ඇති බවට ලෙජර සටහනක් ඇත. බදුකරය නිකුත් කළ බවට තහවුරු කර ගැනීමට බදුකරයෙහි පිටපතක් බදුකරු වෙත හෝ කාර්යාලයෙහි ගොනුවල නොමැත. බදුකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන්හි පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉදිරි කටයුතු ප්‍රමාදව ඇත.
(iii) පිළිගනිමි.
(iv) පිළිගනිමි.
(ආ) ඉදිරිපත් කරන ලද වාර්තාවන්හි වූ අඩුපාඩු සම්පූර්ණ කරගෙන මෙතෝදිස්ත දේවස්ථානයට ලබා දී ඇති බදුකරයේ කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබා දී බදු ගෙවූ පසු බදුකරය නිකුත් කිරීමටත් පියවර ගනිමි.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2019-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks