පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
468/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින,
(i) අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංඛ්‍යාව;
(ii) අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් පිහිටා ඇති ස්ථාන;
(iii) අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා වන ගුවන් යානා සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) යහපාලන රජය බලයට පත් වූ දින සිට මේ දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් වර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා හා එවැනි ආකර්ෂණයක් ඇති ස්ථානවලට ප්‍රවේශ වීම පහසු වීම සඳහා කේබල් යානා භාවිතය විදේශ රටවල් තුළ දැකිය හැකි බැවින් ශ්‍රී ලංකාව තුළ ද එවැනි,
(i) කේබල් යානා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබේද;
(ii) එම යානා යෙදවිය හැකි ස්ථාන හඳුනාගෙන තිබේද;
(iii) එසේ නම්, එම ස්ථාන කවරේද;
(iv) මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-07
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ගොඩබිම මත ගුවන් තොටුපොළ - 11
ජලය මත ගුවන් තොටුපොළ - 11
(ii)
|
ගොඩබිම මත ගුවන් තොටුපොළ |
ජලය මත ගුවන් තොටුපොළ |
||
|
1. |
රත්මලාන ගුවන් තොටුපොළ |
1. |
දියවන්නා ඔය |
|
2. |
කටුකුරුන්ද ගුවන් තොටුපොළ |
2. |
කාසල්රි ජලාශය |
|
3. |
කොග්ගල ගුවන් තොටුපොළ |
3. |
වික්ටෝරියා ජලාශය - මහනුවර |
|
4. |
වීරවිල ගුවන් තොටුපොළ |
4. |
පොල්ගොල්ල - මහනුවර |
|
5. |
අම්පාර ගුවන් තොටුපොළ |
5. |
කොග්ගල |
|
6. |
මඩකලපුව ගුවන් තොටුපොළ |
6. |
දික්වැල්ල |
|
7. |
ත්‍රිකුණාමලය ගුවන් තොටුපොළ |
7. |
කැළණිය |
|
8. |
සීගිරිය ගුවන් තොටුපොළ |
8. |
ග්‍රෙගරි වැව - නුවරඑළිය |
|
9. |
අනුරාධපුර ගුවන් තොටුපොළ |
9. |
බෙන්තොට |
|
10. |
වව්නියාව ගුවන් තොටුපොළ |
10. |
මඩකළපුව කළපුව - මඩකළපුව |
|
11. |
පලාලි ගුවන් තොටුපොළ |
11. |
තිසාවැව - තිස්සමහාරාමය |
(iii) ස්ථාවර - පියාපත් ගුවන් යානා - 14
හෙලිකොප්ටර් - 09
(ආ) 1. පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම.
දේශීය අරමුදල් මූලාශ්‍ර සහ විශේෂඥ දැනුම යොදාගනිමින් පලාලි ගුවන් තොටුපොළ සිවිල් වාණිජ ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා සංවර්ධනය කෙරෙමින් පවතියි.
2. බණ්ඩාරවෙල ගුවන් තොටුපොළ
බදුල්ල දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම පිළිබඳ 2016 අය වැය තීරණය අනුව, බණ්ඩාරවෙල, මහඋල්පොතවත්ත ගුවන් තොටුපොළක් ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතියි.
3. මඩකලපුව ගුවන් තොටුපොළ
අවශ්‍ය සංවර්ධන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව, 2018 මාර්තු 20 දින සිට මඩකළපුව ගුවන් තොටුපොළේ සිවිල් ගුවන් යානා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.
4. රත්මලාන ගුවන් තොටුපොළ
උතුරු කොටසෙහි ගුවන් යානා නැවතුම් අංගන සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් මිලියන 650කට වැඩි මුදලක ගෙවීමක් සිදුකිරීමෙන් පසු, රත්මලාන ගුවන් තොටුපොළේ සිවිල් ගුවන් යානා මෙහෙයුම් කටයුතු 2019.01.01 දින සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සී/ස ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට පවරන ලදී. භාවිතය සඳහා දැනට වැඩි ගුවන් යානා නැවතුම් අංගන සංඛ්‍යාවක් පවතී.
(ඇ) නුවරඑළිය සහ නානුඔය අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියක් අදහස් දැක්වීම්/නිරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත යොමු කරන ලද අතර, ඉන්පසු ඉදිරි කටයුතු සඳහා ව්‍යාපෘති යෝජකයා වෙත ඉදිරිපත් කර තිබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks