01

E   |     |  

 දිනය: 2019-06-07   පිළිතුර ලබා දී ඇත 

0450/2019: නාවලපිටිය පොදු වෙළෙඳ පොළ : කඩහිමියන්ගෙන් අය කරන වාර්ෂික බදු

450/’19

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාවලපිටිය නගර සංවර්ධන වැඩසටහන යටතේ නාවලපිටිය නගරයේ පොදු වෙළෙඳපොළක් ඉදිකර ඇති බව  දන්නේද;

(ii) පොදු වෙළෙඳපොළ ඉදිකර ඇති භූමිය සඳහා සහ ඉදිකිරීම් කටයුතු සඳහා මුදල් වැයකරන ලද ආයතන කවරේද;

(iii) නාවලපිටිය නගර සභාව විසින් මෙම පොදු වෙළෙඳපොළ සඳහා ආරම්භක වර්ෂයේදී කඩහිමියන්ගෙන් අය කරන ලද වාර්ෂික බදු මුදල කොපමණද;

(iv) වත්මන් නගර සභාව විසින් වාර්ෂික බදු මුදල 1500%කින් වැඩිකර ඇති බව දන්නේද;

(v) එකවර 1500%කින් බදු මුදල් වැඩි කිරීමෙන් ව්‍යාපාරිකයන්ට එම බදු මුදල් ගෙවීමට නොහැකි බව පිළිගන්නේද;

(vi) මෙම තත්ත්වය සමාලෝචනය කර නැවත සාධාරණ බදු මුදලක් අය කිරීම සඳහා නාවලපිටිය නගර සභාවට උපදෙස් ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-07

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      නැත.

                        නාගරික සංවර්ධන අධිකාරිය විසින් නොව නාවලපිටිය නගර සභාව විසින් අදාළ පොදු වෙළෙඳ පොළ ඉදිකර ඇත.

              (ii)      නාවලපිටිය නගර සභාව විසින් තෝරාගත් කඩහිමියන්ගෙන් ලබා ගන්නා ලද එක්වර මුදල් (key money) සභා අරමුදලට බැර කර එම අරමුදලින් ඉදිකිරීම් සිදු කර ඇත.

              (iii)      නාවලපිටිය නගර සභාවේ පොදු වෙළඳ සංකීර්ණය කඩ කාමර 180කින් සමන්විත වන අතර, ඒවායේ වාර්ෂික බදු මුදල අවමය රුපියල් හාරදහස් අටක්ද (රුපියල් 4,008.00), උපරිම අයකිරීම රුපියල් හැටදහසක් (රුපියල් 60,000.00) අතර පරාසයක පවතී. මෙම මුදල රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ලබා නොගෙන නගර සභාවේ තීරණය මත අයකර ඇත. (ඇමුණුම 01**)

(iv) ඔව්. 2018 වර්ෂයේ තක්සේරු මුදල තීරණය කර ඇත්තේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුවට අනුවය. (ඇමුණුම 02**)

(v) නැත.

මුල් තක්සේරුව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදුකර ගැනීමකින් තොරව බදු කුලිය තීරණය කිරීමත්, නව තක්සේරුව වසර 10කට පසුව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද තක්සේරුවක් වන බැවිනුත්, මෙම තක්සේරුව පිළිගැනීමට සිදු වේ.

(vi) නාවලපිටිය නගර සභාව විසින් 2018 වර්ෂයේදී නව තක්සේරුව සම්බන්ධව බදුකරුවන් විසින් කරන ලද විරෝධතා ඉල්ලීම් තක්සේරු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය වෙත යොමු කර ඇති අතර, ඒ සඳහා තීරණයක් ලබා ගැනීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන තක්සේරු කාර්යාලය වෙත යොමු කර ඇති බවත්, මෙම තක්සේරුව සංශෝධනය කළ හැක්කේ ප්‍රධන තක්සේරුකරුට පමණක් බවත්, නාවලපිටිය නගර සභාවේ ලේකම් විසින් වාර්තා කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks